තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී දස හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
දැරියගේ මළ සිරුර හමු වූ පොල් ඉඩමේ මුරකරු ලෙස කටයුතු කළ 55 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.
දුෂණයට ලක් කර ඝාතනය කළ බවට සැක කෙරෙන දැරියගේ මළ සිරුර ඊයේ (16) පෙරවරුවේ දැරියගේ නිවස ආසන්නයේ පිහිටි පොල් ඉඩමක තිබී සොයාගෙන තිබිණි.
පසුගිය 15 වැනි දා නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳසලකට ගිය දැරිය යළි නොපැමිණීම සම්බන්ධයෙන් ඇයගේ මිත්තණිය තලෙයිමන්නාරම පොලීසියට පැමිණිල්ලක් සිදු කර තිබූ බව සඳහන් ය.
ඒ අනුව පොලීසිය සිදු කළ විමර්ශනයක දී ඝාතනයට ලක් වූ දැරියගේ මළ සිරුර සොයාගෙන තිබිණි.