මීගොඩ ගල්වලමුල්ල ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් අපයෝජනය කළැයි චෝදනා මත සැකපිට දැරියගේ අසල්වාසී තරුණයෙකු සහ ඥාති පියපුතු දෙපොළක් මීගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුව එම සැකකරුවන්ව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.
ඉකුත් දෙසැම්බර් මාසයේදී එම දැරිය අපයෝජනයට ලක්වී ඇති අතර ඇය එම සිද්ධිය සඟවාගෙන සිට ඇති අතර පෙරේදා දිනයේදි ඇය ඒ පිළිබඳ මවට පැවසීමෙන් පසු මව මේ සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට පැමිණිලි කර ඇති බව වාර්තා විය.