කළුතර උතුර පොලිස් වසමේ මහදූවේගම උග්ගල්බඩ ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි තරුණයෙක් විදුලි කණුවක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.
අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (14) රාත්‍රී 11.30ට පමණ අනතුර සිදුව ඇති බවය.
අදාළ තරුණයා ඔහුගේ නිවසේ සිට ඔහු වැඩකරන වෙළෙඳසැලට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී අධික පල්ලමක් සහිත මාර්ගයක තිබූ විදුලි කණුවේ ගැටී බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇත.
පොලීසිය සඳහන් කළේ, යතුරුපැදිකරුට වේගය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව ඇති බවය.
එලෙස මියගොස් ඇත්තේ, 25 හැවිරිදි ගිහාන් මධුසංක ලක්මාල් නැමති විවාහකයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.