Close Menu
Lanka Focus News
    What's Hot

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටම කතාවෙන පාතාලේ
    Featured

    රටම කතාවෙන පාතාලේ

    By LFNFebruary 15, 2024No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයා බවට සැලකෙන “පියුමා” නැමැත්තාගේ පෙර වැරදි සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

    සැකකරු පළමුව 2018 වර්ෂයේදී හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    එහිදී අධිකරණය විසින් ඔහුව 2018 වර්ෂයේ අගෝස්තු මස 31 වනදා සිට මාස තුනක කාලසීමාවක් පුනරුත්ථාපනය සඳහා යොමුකර ඇත.

    අනතුරුව සැකකාර “පියුමා” නැමැත්තා යළිත් 2019 වර්ෂයේ ගංජා සුරුට්ටුවක් ළඟ තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා විය.

    2019 වර්ෂයේ දෙසැම්බර් මස 12 වනදා එළෙස අත්අඩංගුවට ගෙන ඇති “පියුමා” නැමැත්තාව පසුදින (2019.12.13) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 10,000ක දඩයක් පනවා තිබේ.

    මේ අතර 2021 වර්ෂයේ ජනවාරි මස 25 වනදා පානදුර ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැති අයෙකු වෙඩිතබා ඝාතනය කර තිබුණි.

    එම යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇත්තේ සැකකාර “පියුමා” නැමැත්තා බවට අනාවරණය වීමත් සමග 2023 වර්ෂයේ අගෝස්තු මස 23 වනදා ඔහුව එම ඝාතන සිද්ධියේ 08 වන සැකකරු ලෙස නම්කර තිබුණි.

    මෙහිදී පොලීසිය විමර්ශන ආරම්භ කර සැකකරු සම්බන්ධයෙන් සොයාබැලීමේදී ඔහු 2021 වර්ෂයේ පෙබරවාරි 09 වනදා ඩුබායි රාජ්‍යය වෙත පළාගොස් ඇති බව අනාවරණය වී තිබේ.

    ඒ අනුව සැකකරුව ජාත්‍යන්තර පොලීසියේ සහාය මත මෙරටට උදර්පණය කිරීම සඳහා සැකකරුට විරුද්ධව 2023 වර්ෂයේ නොවැම්බර් මස 02 වනදා රතු නිවේදන ලබාගෙන තිබුණි.

    මේ අතර 2022 වර්ෂයේ ජුනි මස 29 වනදා කටුබැද්ද ප්‍රදේශයේදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සම්සාඩ් යන පුද්ගලයින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද “පියුමා”ට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ.

    එහිදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ කුඩු සළිඳුගේ දැනුම්දීම මත විදේශගතව සිටිමින් “පියුමා” නැමැත්තා මෙම අපරාධය මෙහෙයවා ඇති බවය.

    ඒ අනුව 2022 වර්ෂයේ ඔක්තෝබර් මස 20 වනදා සැකකරු එම ද්විත්ව ඝාතන සිද්ධියේ 05 වන සැකකරු ලෙස නම්කර තිබේ.

    මේ අතර කුඩු සළිඳු සන්තකයේ තිබී සොයාගත් ජංගම දුරකථනයේ තිබූ තොරතුරුවලට අනුව 2022 වර්ෂයේ ජුලි මාසයේ 06 වනදා සිට 2023 වර්ෂයේ පෙබරවාරි මාසයේ 28 වනදා දක්වා අවස්ථා 53කදී “පියුමා” සහ කුඩු සළිඳුගේ වැඩිමහල් සහෝදරයා වන සදීෂ් ගුණරත්න සමග රුපියල් මිලියන 83ක් ගනුදෙනු කර ඇති බව අනාවරණය වී තිබේ.

    මේ අතර “පියුමා” නැමැත්තා විසින් කුඩු සළිඳු වෙත වට්ස්ඇප් ඔස්සේ යවන ලද රිවෝල්වර වර්ගයේ ගිනි අවියක ඡායාරූප සම්බන්ධයෙන්ද පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    පියුම් හස්තික නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අද (15) අලුයම ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙනවිත් තිබුණි.

    ඔහුව දැනට රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 2026

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් මිල ඉහළ දමා ඇති පුවත් අසත්‍යයි

    August 30, 202603 Views

    කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ…

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.