Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රටින් පළා ගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන
    Featured

    රටින් පළා ගිය අපරාධකරුවන් 42කට රතු නිවේදන

    By LFNFebruary 15, 2024No Comments1 Min Read157 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාතාල සහ මත්ද්‍රව්‍ය අපරාධවලට සම්බන්ධ ව මෙරටින් පැන ගිය අපරාධකරුවන් සඳහා ජාත්‍යන්තර රතු නිවේදන 42ක් මේ වන විට නිකුත් කර ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

    කොළඹ ජාතික රෝහල ඉදිරිපිට නව පොලිස් මුරපොළක් විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

    ඉදිරියේ දී ජාත්‍යන්තර පොලීසියේ සහාය ඇති ව මෙම රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් මෙරටට ගෙන්වීමට නියමිත බව ද ඔහු පැවසීය.

    අද (15) උදෑසන මෙරටට රැගෙන ආ කුඩු සලිඳුගේ ප්‍රධාන ගෝලයාගෙන් ද මෙරට කුඩු ජාවාරම පිළිබඳ ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට නියමිත බව වැඩබලන පොලිස්පතිවරයා අවධාරණය කළේ ය.

    එසේම පාතාල නායක නදුන් චින්තක හෙවත් හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැන යාමට දැරූ අසාර්ථක උත්සාහයට සහාය දුන් පොලිස් නිලධාරියා ද කඩිනමින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ඔහු පැවසීය.

    ඒ සඳහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබාගන්නා බව ද වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ ය.

    මේ අතර, යුක්තිය මෙහෙයුම ද නොනවත්වා ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පතිවරයා අවසන් වරට ප්‍රකාශ කළේ ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.