Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු

    May 18, 2025

    භෞත චිකිත්සක යන තනතුරුවලට උපාධිධාරීන්

    May 18, 2025

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය උපයෝගීතා කොමිසම හමුවට

    May 18, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වසරක් තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,000ක්
    Featured

    වසරක් තුළ ළමා අපයෝජන සම්බන්ධ පැමිණිලි 10,000ක්

    By LFNFebruary 15, 2024No Comments1 Min Read165 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 10,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය වසරේ දී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබී තිබේ.

    එහි සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේ, පසුගිය වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 9,434ක් ලැබී ඇති බවය.

    ළමයින් ක්‍රෑරත්වයට භාජනය කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 2,242, ලිංගික අතවරයට ලක් කිරීම් සම්බන්ධ පැමිණිලි 472ක්, බරපතළ ලිංගික අතවර කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 404ක්, ගැහැනු ළමුන් දූෂණය කිරීම් සම්බන්ධ පැමිණිලි 51ක් සහ අසභ්‍ය පළ කිරීම්වලට ළමුන් යොදා ගැනීම් සම්බන්ධ පැමිණිලි 06ක් ඒ අතර වන බව සඳහන්ය.

    ඊට අමතරව මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා ළමුන් යොදා ගැනීම, ශ්‍රමිකයින් ලෙස යොදා ගැනීම්, ගෘහස්ථ හිංසනය මඟින් පීඩාවට පත් කිරීම්, නොසලකා හැරීම, පැහැරගෙන යාම, තුවාල සිදුකිරීම, ළමුන් අලෙවිකිරීම, පාසල් අධ්‍යාපනය ලබානොදීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

    2022 වසරේ දී ළමා අපයෝජන සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 7,466ක් ලැබී තිබිණි.

    මෙම ළමා අපයෝජන පැමිණිලි සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා මේ වන විට අදාළ අංශ වෙත යොමුකර ඇති බව ද ජාතික ළමා ආරක්ෂක අධිකාරීයේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසුවේය.

    මීට අමතරව ළමා අපයෝජන වළක්වා ගැනීම සඳහා දැනට පවතින ඇතැම් නීති සංශෝධනය කිරීමට ද සාකච්ඡා සිදුකරමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු

    May 18, 2025

    භෞත චිකිත්සක යන තනතුරුවලට උපාධිධාරීන්

    May 18, 2025

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය උපයෝගීතා කොමිසම හමුවට

    May 18, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,897 Views
    Don't Miss

    කොළඹ පුරපති සටන උණුසුම් වෙන ලකුණු

    May 18, 20250115 Views

    පළාත් පාලන ආයතනවල වැඩි අවධානයක් යොමුව ඇති කොළඹ මහ නගර සභා පුරපති ධුරය වෙනුවෙන් පැවැත්වෙන…

    භෞත චිකිත්සක යන තනතුරුවලට උපාධිධාරීන්

    May 18, 2025

    විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවලිය උපයෝගීතා කොමිසම හමුවට

    May 18, 2025

    තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ CCDයට

    May 18, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.