2009-05-06 වැනි දින වැලිකන්ද පොලිස් වසමේ සෙවණපිටිය දුම්රිය හරස් මාරගයේ දී ආරක්ෂිත දුම්රිය වැට බිඳගෙන ධාවනය කිරීමෙන් බස් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදු ව තිබිණි.
අනතුරෙන් මඟීන් 15 දෙනෙකු මිය ගිය අතර, 40 දෙනෙක් තුවාල ලැබූ හ.
මෙම චෝදනාවලට වරදකරු වූ බස් රථයේ රියදුරු හට 2023-09-22 වැනි දින පොළොන්නරුව මහාධිකරණය මඟින් නඩු තීන්දුවක් ලබා දෙමින් මරණීය දණ්ඩනය නියම කර තිබිණි.
රියදුරා අවසන් වරට 2022-05-05 වැනි දින මහාධිකරණයේ පෙනී සිට ඇති අතර, ඉන් පසු අධිකරණයේ පෙනී සිට නැත.
ඉන් පසු ඔහුට අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර ඇති අතර, ඊයේ (14) වැලිකන්ද පොලීසිය විසින් වරදකරු අත්අඩංගුවට ගෙන තිබේ.
වරෙන්තුකරු වයස අවුරුදු 39ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
වැලිකන්ද පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.