බස් රථයකදී තරුණියකට අතවර කළ බවට සඳහන් චෝදනාව යටතේ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි වියේ පදිංචි විවාහක පුද්ගලයෙකි.
ඔහු රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
මොණරාගල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයකදී එහි සිටි තරුණියකට සැකකරු විසින් අතවර කළ බවට ඔහුට විරුද්ධව චෝදනා එල්ලවී තිබේ.
සැකකරු සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු උඩුදුම්බර පොලීසිය සිදුකරයි.