බේරුවල ධීවර වරාය ආශ්‍රිත මුහුදේ තිබි පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.
ධීවර වරායේ මුරකරුවෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස මුහුදට වැටී මියගොස් ඇති බව වාර්තා වේ.
අදාළ පුද්ගලයා ඊයේ (13) රාත්‍රී රාජකාරී කටයුතු සඳහා පැමිණ ඇති අතර පසුව සිදුකළ සොයාබැලීමක දී ඔහුගේ මළසිරුර සොයාගෙන තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ 57 හැවිරිදි මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බේරුවල පොලීසිය විමර්ශන සිදුකරයි.