පසුගිය ජනවාරි 10 වනදා නවගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ලෙස පෙනීසිටිමින් බුද්ධික ප්‍රසාද් හෙවත් ‘පැට්ටා’ නමැත්තා ඝාතනය කිරීමට අදාළ සැකකරුවෙකු ඊයේ (13) උදෑසන තඹුත්තේගමදී අත්අඩංගුවට ගැනුණි.
විමර්ශන මෙහෙයවන බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ අදාළ ඝාතන සිද්ධියේ යතුරුපැදිකරු වන අතර ඝාතනය සඳහා යොදාගත් රිවෝල්වරයද සොයාගෙන ඇත.
ඝාතනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක මුදලක් සැකකරුට ලබාදෙන බවට ඝාතනය මෙහෙය වූ ඩුබායිහි සැඟව සිටින ධනුක අමරසිංහ හෙවත් ‘කයිවාරු මුතූ’ නමැත්තා පොරොන්දු වුවත් එම මුදල ලබාදී නොමැති බවද පොලීසිය සඳහන් කළේය.
කෙසේවෙතත් ඝාතනයේ වෙඩික්කරු බවට සැකකෙරෙන තිළිණ සම්පත් නමැත්තා ධනුක අමරසිංහ විසින් පසුගිය 7 වනදා ඩුබායි රාජ්‍යයට ගෙන්වාගෙන ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා පෙනීසිටි සෙල්ෆි ඡායාරූපයක් ද පොලීසියට ලැබී තිබේ.
‘පැට්ටා’ නමැත්තාට පැහැරගෙන ගොස් වෙඩිතබා ඝාතනය කිරීමට මොහොතකට පෙර ඝාතකයන් කොන්ත්‍රාත්තුව ලබාදුන් ධනුක අමරසිංහ නැමැත්තාට දුරකථන ඇමතුමක් ද ලබාදී ඇත.