Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අටලුගම දැරියගේ ඝාතකයාට වසර 27ක සිරදඬුවමක්
    Featured

    අටලුගම දැරියගේ ඝාතකයාට වසර 27ක සිරදඬුවමක්

    By LFNFebruary 13, 2024No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණි.

    ඒ, පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනි.

    මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි.

    සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියව මව සන්තකයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවලට ඒකී සිරදඬුවම් නියම කෙරුණි.

    මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නම් විත්තිකරුවට නියෝග කෙරුණි.

    එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හයාමාරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

    2022.05.27 වනදා නිවස ආසන්නයේ වෙළෙඳසැලකය ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී දූෂණය කිරීමේ අරමුණින් දැරියව රවටා අවට පිහිටි ලදු කැළෑවකට රැගෙන ගොස් තිබුණි.

    පසුව විත්තිකරු දැරියව දූෂණය කිරීමට උත්සාහ දරා ඇතත් දැරියගේ කෑගැසීම නිසා බියට පත් විත්තිකරු දැරියව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවත් දැරිය දූෂණයට ලක්වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    විත්තිකරු දැරියගේ පියාගේ මිතුරෙකු බවත් නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙක් බැවින් දැරිය කිසිදු බියකින් තොරව විත්තිකරු සමග ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 2026

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,426 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,583 Views
    Don't Miss

    සමාජ මාධ්‍ය කලඹන හෙල්මට් චණ්ඩියාට වැඩ වරදින ලකුණු

    March 19, 20260125 Views

    කුලියාපිටිය මීගහ කොටුව හන්දියේදී යතුරුපැදිකරුවෙකුට තවත් යතුරුපැදිකරුවෙකු ආරක්ෂක හිස් වැසුමකින් පහරදී පලායාම යාම සම්බන්ධයෙන් විමර්ශනයක්…

    ජනපති සහ කටාර් එමීර්වරයා අතර විශේෂ දුරකථන සංවාදයක්

    March 19, 2026

    බස්නාහිර ක්ෂය රෝගීන් සියයට 45ක් – අවදානම් තැන් මෙන්න

    March 19, 2026

    බොහෝ ප්‍රදේශවලට සවස 1න් පසුව ගිගුරුම් සහිත වැසි

    March 19, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.