Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අටලුගම දැරියගේ ඝාතකයාට වසර 27ක සිරදඬුවමක්
    Featured

    අටලුගම දැරියගේ ඝාතකයාට වසර 27ක සිරදඬුවමක්

    By LFNFebruary 13, 2024No Comments1 Min Read146 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස 09 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාවලට වරද පිළිගත් විත්තිකරුවෙකුට අද (13) බරපතළ වැඩ සහිත වසර 27ක සිරදඬුවම් නියම කෙරුණි.

    ඒ, පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර මහතා විසිනි.

    මීට වසර දෙකහමාරකට පමණ පෙර පානදුර අටලුගම ප්‍රදේශයේදී මෙම අපරාධය සිදුකර තිබුණි.

    සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනය සහ දැරියව මව සන්තකයෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවලට ඒකී සිරදඬුවම් නියම කෙරුණි.

    මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30 වන්දියක් ගෙවන ලෙසත් ෆාරුක් මොහොමඩ් ගනේෂනාදන් නම් විත්තිකරුවට නියෝග කෙරුණි.

    එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හයාමාරක ලිහිල් සිරදඬුවම් ලබාදීමට ද විනිසුරුවරයා නියෝග කළේය.

    2022.05.27 වනදා නිවස ආසන්නයේ වෙළෙඳසැලකය ගොස් ආපසු නිවස කරා පැමිණෙමින් සිටියදී දූෂණය කිරීමේ අරමුණින් දැරියව රවටා අවට පිහිටි ලදු කැළෑවකට රැගෙන ගොස් තිබුණි.

    පසුව විත්තිකරු දැරියව දූෂණය කිරීමට උත්සාහ දරා ඇතත් දැරියගේ කෑගැසීම නිසා බියට පත් විත්තිකරු දැරියව මඩ වගුරක ඔබා ඝාතනය කර ඇති බවත් දැරිය දූෂණයට ලක්වී නොමැති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    විත්තිකරු දැරියගේ පියාගේ මිතුරෙකු බවත් නිතර දැරියගේ නිවසට පැමිණෙන අයෙක් බැවින් දැරිය කිසිදු බියකින් තොරව විත්තිකරු සමග ගොස් ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025019 Views

    හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර…

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.