Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තියට බයේ සැඟවී සිටි ජනා ඇතුළු කල්ලියම කොටුවෙයි
    Featured

    යුක්තියට බයේ සැඟවී සිටි ජනා ඇතුළු කල්ලියම කොටුවෙයි

    By LFNFebruary 13, 2024No Comments2 Mins Read139 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි දේවේන්ද්‍රගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ජනා ඇතුළු කල්ලිය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුමකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදංගහවත්තේ ජනා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන දිනේෂ් පුෂ්පකුමාර නමැති අයෙකි.

    සැකකාර කල්ලිය විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ මොරටුවැල්ල ප්‍රදේශය ආශ්‍රිතවය.

    එහෙත් යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමග කල්ලිය මෙහෙයවූ ජනා නමැති සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

    ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට තොරතුරු ලැබී ඇත්තේ සැකකරු කුඩාඔය ප්‍රදේශයේ සැඟවී සිට වෙනත් පුද්ගලයින් යොදාගනිමින් සුපුරුදු පරිදි ජාවාරම සිදුකර ඇති බවටය.

    ලද තොරතුරු අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් කාලයක් කුඩාඔය ඇතිළිවැව ප්‍රදේශයේ සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරීවලදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 490ක් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා කුඩාඔය පොලීසිය වෙත භාරදී තිබේ.

    සැකකරුට එරෙහිව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර මොරටුව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද අධිකරණයේ නඩුවක් පවතී.

    අනතුරුව තවත් විමර්ශන කණ්ඩායම් 02 ක් යොදවා මෙම කල්ලියට සම්බන්ධ බවට සැකපිට සැකකරුවන් තිදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19.65ක්, අයිස් ග්‍රෑම් 02.48ක්, මුදලින් රුපියල් 234,480ක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද සියළුම සැකකරුවන් රඳවාතැබීමේ නියෝග ලබාගනිමින් ඉදිරි විමර්ශන සිදුකිරීමට කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.