Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුක්තියට බයේ සැඟවී සිටි ජනා ඇතුළු කල්ලියම කොටුවෙයි
    Featured

    යුක්තියට බයේ සැඟවී සිටි ජනා ඇතුළු කල්ලියම කොටුවෙයි

    By LFNFebruary 13, 2024No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඩුබායි දේවේන්ද්‍රගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවූ ජනා ඇතුළු කල්ලිය වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ලද තොරතුරකට අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්‍ෂ, පොලිස් අධිකාරී සමන්තිලක වැලිවිට මහතාගේ සැලසුමකට අනුව සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම කල්ලිය අත්අඩංගුවට ගෙන ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාදංගහවත්තේ ජනා නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන දිනේෂ් පුෂ්පකුමාර නමැති අයෙකි.

    සැකකාර කල්ලිය විසින් මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇත්තේ මොරටුවැල්ල ප්‍රදේශය ආශ්‍රිතවය.

    එහෙත් යුක්තිය මෙහෙයුම ආරම්භ වීමත් සමග කල්ලිය මෙහෙයවූ ජනා නමැති සැකකරු එම ප්‍රදේශයෙන් පළාගොස් තිබේ.

    ඒ අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායට තොරතුරු ලැබී ඇත්තේ සැකකරු කුඩාඔය ප්‍රදේශයේ සැඟවී සිට වෙනත් පුද්ගලයින් යොදාගනිමින් සුපුරුදු පරිදි ජාවාරම සිදුකර ඇති බවටය.

    ලද තොරතුරු අනුව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් කාලයක් කුඩාඔය ඇතිළිවැව ප්‍රදේශයේ සිදුකරන ලද ආවේක්ෂණ රාජකාරීවලදී සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

    එහිදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 490ක් සොයාගෙන වැඩිදුර විමර්ශන සඳහා කුඩාඔය පොලීසිය වෙත භාරදී තිබේ.

    සැකකරුට එරෙහිව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර තිබූ අතර මොරටුව ප්‍රදේශයේ මත්පැන් අලෙවිසැලක් කොල්ලකෑම සම්බන්ධයෙන් ද අධිකරණයේ නඩුවක් පවතී.

    අනතුරුව තවත් විමර්ශන කණ්ඩායම් 02 ක් යොදවා මෙම කල්ලියට සම්බන්ධ බවට සැකපිට සැකකරුවන් තිදෙනෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 19.65ක්, අයිස් ග්‍රෑම් 02.48ක්, මුදලින් රුපියල් 234,480ක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මොරටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත.

    අත්අඩංගුවට ගන්නා ලද සියළුම සැකකරුවන් රඳවාතැබීමේ නියෝග ලබාගනිමින් ඉදිරි විමර්ශන සිදුකිරීමට කටයුතු කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202603 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.