Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»තවත් ඖෂධයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්
    Featured

    තවත් ඖෂධයක් ගැන ආන්දෝලනාත්මක අනාවරණයක්

    By LFNFebruary 13, 2024No Comments1 Min Read147 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට රට තුළ භාවිත කෙරෙන Meropenem නැමැති ප්‍රතිජීවකයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා ඊයේ (12) අනාවරණය කළේය.

    ඔහු පවසන්නේ එම ප්‍රතිජීවක අඩංගු කුප්පි තුළ වීදුරු කැබලි හමුවීමේ සිද්ධි වාර්තාවී ඇති බවය.

    එම Meropenem නමැති ප්‍රතිජීවකය ඇති බහාලුම් පිළිබඳ පවසමින් ඔහු හෙළිකළේ එම ප්‍රතිජීවකය සැපයූ සැපයුම්කරු මින් පෙර ගෙන්වූ ඖෂධ තොගය තත්ත්වයෙන් අසමත්වී ඇති බවය.

    මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ආනයනකරු ලෙස ක්‍රියාකරමින් පෞද්ගලික සැපයුම්කරුවන්ගෙන් ඉකුත් සැප්තැම්බරයේ මෙරටට ගෙන්වූ ඖෂධ තොග ඇතුළත් බහාලුම් රැසක් අනාරක්ෂිත ලෙස වැලිසර, කැලණිය සහ වත්තල රේගු පර්යන්තවල ගබඩා කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති පසුගිය දිනවල චෝදනා කළේය.

    ඔවුන් පවසන පරිදි එම ඖෂධ මෙලෙස මාස 04කට වැඩි කලක් අනාරක්ෂිත ලෙස තබා ඇත්තේ ඒවා ගබඩා කළ යුතු නිසි උෂ්ණත්වය පිළිබඳ ද කිසිදු තැකීමකින් තොරවය.

    එම එක් බහාලුමක් තුළ අමෙරිකානු ඩොලර් මිලියනයක් පමණ වටිනා ඖෂධ අඩංගු බවද පැවසෙයි.

    මේ අතර ප්‍රශ්නගතවූ හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නතට අදාළව හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදුකරන සමයේ රටතුළ සැබැවින්ම ඖෂධ හිඟයක් පැවතියේද යන්න පිළිබඳ විමර්ශනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙකුගෙන් අද ප්‍රකාශ ලබාගෙන තිබේ.

    ඒ එවැනි ඖෂධ හිඟයක් පැවති බවට එවකට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබාදී ඇති ප්‍රකාශ මත පදනම්වය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හක්ගල උද්භිද උද්‍යානය යළි විවෘත කෙරේ

    December 26, 2025019 Views

    හක්ගල ජාතික උද්භිද උද්‍යානය ඊ (25) සිට සංචාරකයන් සඳහා යළි විවෘත කර තිබේ. ඒ පරිසර…

    සෝමාවතිය – සුංගාවිල මාර්ගය දින 8කට පසු විවෘත කෙරේ

    December 26, 2025

    ඇතැම් ප්‍රදේශවලට අද පස්වරුවේ තද වැසි

    December 26, 2025

    මුල්ලේරියාව ප්‍රා.ස. හිටපු උප සභාපතිවරයෙකු ඝාතන සිද්ධියේ සැකකරුවෙකු අත්අඩංගුවට

    December 26, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.