Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අනියම් සැමියා සමග රූපලාවණ්‍යාගාරයක් කොල්ල කෑ කාන්තාව කොටුවෙයි
    Featured

    අනියම් සැමියා සමග රූපලාවණ්‍යාගාරයක් කොල්ල කෑ කාන්තාව කොටුවෙයි

    By LFNFebruary 13, 2024No Comments1 Min Read155 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මොරගහහේන ගෝනපොළ රූපලාවණ්‍යාගාරයකට පැමිණ එහි හිමිකාරියට තර්ජනය කර තියුණු ආයුධයකින් පහරදී රන් ආභරණ කොල්ලකෑ සැකකාරියක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    රූපලාවණ්‍ය සත්කාරයක් සිදුකරගන්නා මුවාවෙන් සිය අනියම් සැමියා සමඟ රූපලාවණ්‍යාගාරයට පැමිණ ඇති අදාළ කාන්තාව එහි හිමිකාරියට තියුණු ආයුධයක් පෙන්වා තර්ජනය කරමින් එම කොල්ලය සිදුකර තිබිණි.

    සැකකාර පුද්ගලයා රන් ආභරණ රැගෙන පළාගොස් ඇති අතර සැකකාර කාන්තාව එදිනම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණි.

    කෙසේ වෙතත් පසුව තමන්ට රෝගී තත්ත්වයක් ඇතැයි පවසමින් පොලිස් ආරක්ෂාව සහිතව රෝහල්ගතවූ සැකකාරිය රෝහලෙන් පළාගොස් තිබුණේ යාබද නිවසකින් ඇඳුම් සහ රුපියල් 14,000ක මුදලක්ද සොරකම් කරමිනි.

    ඉන් අනතුරුව පළාගොස් සැඟව සිටි ඇය දින 19කට පසුව මොරොන්තුඩුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හොරණ පොලිසිය සමත්ව තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි සැකකාරිය පිළියන්දල මඩපාත පදිංචිකාරිණියකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202603 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.