උස්වැටකෙයියාව තල්දියවත්ත මුහුදු තීරයේ දිය නෑමට ගිය පොලිස් කොස්තාපල්වරයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවූ බදුල්ල ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයෙකු බවය.
එම පොලිස් කොස්තාපල්වරයා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව ඇත.
ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානයේ සේවයේ නිරත තවත් නිලධාරීන් පිරිසක් සමග දිය නාමින් සිටියදී මියගොස් ඇති කොස්තාපල්වරයා දියේ ගිලී ඇති බවට වාර්තාවෙයි.
අනතුරුව කොස්තාපල්වරයා ගොඩට ගෙන ප්‍රතිකාර සඳහා රෝහල්ගතකිරීමේදී ඔහු මියගොස් තිබේ.
රාගම රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර මියගිය කොස්තාපල්වරයාගේ දේහය ඥාතීන් වෙත භාරදී තිබේ.
පමුණුගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.