රත්නපුර නව නගරය ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පස්දෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගතකර තිබේ.
අධික වේගයකින් පැමිණි මෝටර් රථයක් යතුරුපැදි කිහිපයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
කුරුවිට සිට රත්නපුරය දෙසට අධික වේගයෙන් ධාවනය වූ එම මෝටර් රථය වේගය පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදි තුනක ගැටී ඇති බවට මේ වනවිට අනාවරණය වී තිබේ.
තුවාල ලැබූ පුද්ගලයින් එම ස්ථානයේ සිටි පිරිස එක්ව කඩිනමින් රත්නපුර රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.