සළිඳු මල්ෂික නොහොත් ‘කුඩු සළිඳු’ සම්බන්ධයෙන් කරුණු රැසක් අනාවරණය වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ කුඩු සළිඳු මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් සියලු දේපොළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවය.
“මත්ද්‍රව්‍යවල සුළභතාවය ඉතාම පහළ මට්ටමකට ගෙන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළදී. කුඩු සළිඳු අවුරදු 03ක් ඇතුළේ… මිලියන 5013ක්, මැඩගස්කරයේ තියෙනවලු අක්කර දෙකහමාරක්, ලංකාව පුරාම ඉඩම් තියෙනවා. වාහන 73ක් තියෙනවා වෙනත් අයගේ නම්වලට ලියපු.
ඒ ලැයිස්තු ඔක්කොම අරගෙන තියෙන්නේ. අවුරුදු කිහියකින් හරි එළියට එන දවසක මහ පාරේ හිඟා කන්න වෙයි. සළිඳුට අයත් සියලුම දේපොළ රාජසන්තක කරනවා… කුඩු සල්ලිවලින් හම්බකරපු.”