Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් ගැන මෝදිට ලිපියක්
    Featured

    ශ්‍රී ලංකා අත්අඩංගුවේ පසු වන ඉන්දීය ධීවරයන් ගැන මෝදිට ලිපියක්

    By LFNFebruary 10, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කරගැනීම සඳහා වහාම මැදිහත් ව එම ක්‍රියාවලිය කඩිනම් කරන ලෙස ඉල්ලමින් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් විසින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ.

    ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් නිදහස් කර ගැනීමට මැදිහත් වන ලෙස ස්ටාලින් අගමැතිවරයාගෙන් ඉල්ලා ඇත.

    ඔහු පවසා ඇත්තේ, සිය ධීවර ප්‍රජාවට මුහුණ දීමට සිදු වන අපහසුතා සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවය.

    දෙමළ ඉන්දීය ධීවරයින් සහ ඔවුන්ගේ බෝට්ටු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගැනීම් ඉහළ ගොස් ඇති බවත් එය ඔවුන්ගේ ජීවනෝපායට දැඩි ලෙස බලපාන බවත් අමාත්‍යවරයා සිය ලිපියේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි.

    “2023 වර්ෂයේ දී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉන්දීය ධීවරයින් 243ක් සහ බෝට්ටු 37ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය දින 28 තුළ ධීවරයින් 88 දෙනෙකු සහ බෝට්ටු 12ක් අවස්ථා 6ක දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න…” යනුවෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් සිය ලිපියේ සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය‍ය පවසයි.

    ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ, 2018 දී ශ්‍රී ලංකාව විසින් සංශෝධනය කළ ධීවර පනතට අනුව විදේශීය ධීවර යාත්‍රා රාජසන්තක කිරීමට ඇති හැකියාව පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් තමන් මීට පෙර අගමැති මෝදි ව දැනුම්වත් කර තිබෙන බව ය.

    “ශ්‍රී ලංකාවේ මෙම ක්‍රියාපටිපාටිය හේතුවෙන් අත්අඩංගුවට ගත් අපේ ධීවරයන්ගේ හොඳ තත්ත්වයේ තිබෙන ධීවර යාත්‍රා නැවත තමිල්නාඩුවට ගෙන ඒමට නොහැකි වී තිබෙනවා. එමෙන්ම ඉන්දීය ධීවරයින් සියලු ආයෝජනයක් සිදු කර ඇත්තේ, මෙම බොට්ටු නඩත්තු කිරීම සඳහායි”

    “නිසි වන්දි හෝ විකල්ප වැඩපිළිවෙළක් නොමැතිව මෙම බෝට්ටු රාජසංතක කිරීම ධීවරයින් සහ ඔවුන්ගේ පවුල් මූල්‍ය අර්බුදයකට තල්ලු කරනවා” යනුවෙන් තමිල්නාඩු මහ ඇමති එම්. කේ ස්ටාලින් සිය ලිපියෙන් දන්වා තිබේ.

    ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කර ගැනීමට සහ රාජසන්තක කර තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කර ගැනීමට ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින ලෙසට ද අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම මෙම ගැටලුව විසඳා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක් ලබා ගැනීම සඳහා ද සිය අවධානය යොමු කරන ලෙසට අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

    එමෙන්ම ඔහු අගමැති මෝදිගෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ, ශ්‍රී ලංකා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටින ධීවරයින්ගෙන් 77 දෙනෙකු සහ ඔවුන්ගේ බෝට්ටු 151ක් ශ්‍රී ලංකාවෙන් නිදහස් කර ගැනීම සඳහා වහාම මැදිහත් වන ලෙසට ය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202603 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.