Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පුතුගේ දිවි බේරා පියා අවසන් ගමන් යයි
    Featured

    පුතුගේ දිවි බේරා පියා අවසන් ගමන් යයි

    By LFNFebruary 10, 2024No Comments2 Mins Read294 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මදුරන්කුලිය, 10 කණුව ප්‍රදේශයේ දී තම පුතු පාසල් බස් රථයට නැංවීමට මාර්ගය අසල රැඳී සිටි පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස රිය අනතුරකට ලක්වීමෙන් ජීවිතයෙන් සමුගෙන තිබේ.

    අප වාර්තාකරු පැවසුවේ, ඊයේ (09) උදෑසන අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මාර්ගය අසල සිටි එම පුද්ගලයාගේ ගැටී අනතුර සිදුව ඇති බවය.

    මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මදුරන්කුලිය 10 කණුව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි වර්ණකුලසුරිය ජානත තිසේරා නම් එක්දරු පියෙකි.

    හලාවත ප්‍රධාන පෙලේ පාසලක 9 ශ්‍රේණියේ අධ්‍යාපනය හදාරන එකම පුතුව පාසැල් යැවීම සඳහා නිවසේ සිට රැගෙන විත් මාර්ගය මාරුවී පාසැල් බස් රථය පැමිණෙන තුරු අනතුරට පත්වූ පුද්ගලයා මාර්ගය අසල රැඳී සිට ඇත.

    එකවරම වැගන්ආර් වර්ගයේ මෝටර් රථයක් අධික වේගයෙන් එන අයුරු දැක බියට පත්වී ක්ෂණිකව ක්‍රියාත්මක වී ඇති පියා, පුතාව එකවරම අතින් ඈතට තල්ලු කර තිබේ.

    ඒ සමගම එම ස්ථානයෙන් පිටවීමට පියා උත්සාහ කරනවාත් සමග මෝටර් රථයේ ගැටී අනතුර සිදුව තිබිණි.

    පුතා ආසන්නයේ තිබූ අගලකට වැටී සිටි බවත් පියා ලේ විලක් මැද සිහිසුන්ව සිටි බවත් ප්‍රදේශවාසීන් පවසයි.

    මෝටර් රථයට යටවී බරපතළ තුවාල ලබා සිටි පියා එම ස්ථානයේම මරණයට පත්ව ඇති බව පොලීසිය පැවසීය.

    කෙසේවෙතත් අනතුර සමග පියාගේ වියෝව හේතුවෙන් පුතා මේ වනවිට දැඩි කම්පනයකට ලක්ව ඇතැයි අප වාර්තාකරු සඳහන් කළේය.

    පියා විසින් සිදුකළ ක්‍රියාව හේතුවෙන් පුතාගේ ජීවිතය අනූනවයෙන් බේරුණු බවත් නැතිනම් දෙදෙනාම ජීවිතක්ෂයට පත්වීමට ඉඩතිබුණු බවත් පොලීසිය පැවසීය.

    මෝටර් රථ රියදුරුට එකවර නින්ද යෑම සහ අධික වේගය අනතුරට හේතු වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු මදුරන්කුලිය පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක ගාමිණි වික්‍රමසිංහ මහතා විසින් සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202603 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.