නිවසකට අයුතු ලෙස ඇතුළුවී පුද්ගලයෙකුට පහරදී තුවාල සිදුකර රන් මාලයක් හා රන් මුදුවක් කොල්ලකෑමේ සිද්ධියකට සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම කොල්ලය ජනවාරි 31 වනදා සිදුකර තිබූ අතර කොල්ලකන ලද භාණ්ඩවල වටිනාකම රුපියල් 540,000ක් බව වාර්තා විය.
සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන සිදුකළේය.
ඒ අනුව ඊයේ (06) උදෑසන ගොඩගම හා බ්‍රැන්ඩිගම්පළ ප්‍රදේශවලදී සැකකරුවන් දෙදෙනෙකු හා මීගොඩ ප්‍රදේශයේදී සැකකාරියක් අත්අඩංගුවට ගැනුණි.