රැඳවියන් දෙදෙනෙකු අතර කිචි කැවීමේ සිද්ධියක් දුරදිග යෑමෙන් ඝාතනයක් සිදුකර තිබේ.
එක් රැඳවියෙකු අනෙක් රැඳවියාව උස්සා පොළොවේ ගැසීමෙන් මෙම ඝාතනය සිදුකර ඇතැයි ත්‍රිකුණාමලය වරාය පොලීසිය පවසයි.
මෙම සිද්ධිය ඇතිවී තිබුණේ ත්‍රිකුණාමලය බන්ධනාගාරයේ ය.
එම අවස්ථාවේදී පහරකෑ රැඳවියාගේ හිස සිමෙන්තියක වැදී අධික රුධිර වහනයක් සමග සිහිසුන්වී ඇත.
ඒ අනුව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් තිබේ.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ ත්‍රිකුණාමලය කින්නියා මහරුප් නගර් පදිංචි මොහොම්මදු උභයතුල්ලා නමැති රැඳවියෙකි.
ඝාතනයට ලක්වූ රැඳවියත් ඝාතනය සිදුකළ රැඳවියත් එකම සිරමැදිරියක රඳවා සිට ඇත.
තවදුරටත් වාර්තා වන්නේ දෙදෙනාම මිතුරන් බවය.