පාන්වල නියමිත බර සඳහා වූ ගැසට් පත්‍රය නිකුත් කිරිමෙන් පසුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ඒ සඳහා දිවයින පුරා වැටලීම් පසුගිය (05) දිනයේ දී ආරම්භ කළේය.
එහිදී බේකරි සහ වෙළෙඳසල් පරික්ෂා කිරිමේ දී නියමිත බර ප්‍රමාණය මෙන්ම මිල ප්‍රදර්ශනය නොකළ බේකරි 50ක් පමණ වැටලීම් සිදුකර ඉදිරියේදී එම ආයතනවලට නඩු පැවරිමට කටයුතු කර ලැබේ.