වාද්දුව මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී නාඳුනන පුද්ගල මළසිරුරක් හමුවී තිබේ.
වාද්දුව පොලීසිය සඳහන් කළේ වාද්දුව දුම්රියපොළ ආසන්න මුහුදු වෙරළ ප්‍රදේශයේ තිබී මෙම මළසිරුර ඊයේ (06) පස්වරුවේ හමුවී ඇති බවය.
මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ත් 50ත් අතර වියේ පසුවන පුද්ගලයෙකු බවට සැක කෙරෙයි.
මූලික පරීක්ෂණවලින් පසුව සිරුර පානදුර මූලික රෝහලට රැගෙන ගොස් ඇත.
වාද්දුව පොලීසිය සිද්ධිය ගැන වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.