තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ හුංගම ප්‍රදේශයේදී මෝටර් රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 7 දෙනෙකු ප්‍රතිකාර සඳහා තංගල්ල, අඟුණුකොළපැලැස්ස සහ හම්බන්තොට රෝහල් වෙත ඇතුළත් කර ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ සිටි 05 දෙනෙකු සහ වෑන් රථයේ ගමන්කරමින් සිටි දෙදෙනෙකු මෙලෙස තුවාළ ලබා තිබේ.
ඔවුන් තංගල්ල ප්‍රදේශයේ සහ හුංගම ප්‍රදේශවල පදිංචිකරුවන් බවට අනාවරණය වී ඇත.
වෑන් රථය බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ ගැටී ඇති බවට සැකපළ කරයි.
අනතුර සම්බන්ධයෙන් හුංගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.