Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්
    Featured

    යුද හමුදා නිලධාරීන් 1,450කට උසස් වීම්

    By LFNFebruary 4, 2024No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    76 වන ජාතික නිදහස් දින සංවත්සරය වෙනුවෙන් යුද හමුදා නිලධාරීන් 1,450ක පිරිසකට උසස් වීම් ලබා දී තිබේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා සහ ආරක්ෂක අමාත්‍යාංශය විසින් අදාළ උසස්වීම් ලබා දී ඇති බව සඳහන් ය.

    ඒ අනුව ශ්‍රී ලංකා යුද හමුදා නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවල නිලධාරීන් 211 දෙනෙකුට සහ සෙසු නිලයන් 1,239 දෙනෙකු වෙත එම උසස් වීම් ලබා දී තිබේ.

    එහි දී බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු මේජර් ජෙනරාල් නිලයට, කර්නල් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 12 දෙනෙකු බ්‍රිගේඩියර් නිලයට, ලුතිතන් කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 13 දෙනෙකු කර්නල් නිලයටත් උසස් කර තිබේ.

    මේ අතර මේජර් නිලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් 17 දෙනෙකු ලුතිතන් කර්නල් නිලයට, කපිතාන් නිලයේ නිලධාරීන් 29 දෙනෙකු මේජර් නිලයට, ලුතිතන් නිලයේ නිලධාරීන් 13 දෙනෙකු කපිතාන් නිලයට දෙවන ලුතිතන් නිලයේ නිලධාරීන් 125 දෙනෙකු ලුතිතන් නිලයටත් උසස් වීම් ලබා දී ඇති බව යුද හමුදා මධ්‍ය අංශය සඳහන් කරයි.

    එමෙන්ම නිත්‍ය හා ස්වෙච්ඡා බල සේනාවන්හී බල ලත් නිලධාරි II නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 49 දෙනෙකු බල ලත් නිලධාරි I නිලයටත්, මාණ්ඩලික සැරයන් නිලයේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 111 දෙනෙකු බල ලත් නිලධාරි II නිලයටත්, සැරයන් නිලයේ ජ්‍යේෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් 135 දෙනෙකු මාණ්ඩලික සැරයන් නිලයටත් උසස් කර තිබේ.

    තව ද කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 170 දෙනෙකු සැරයන් නිලයටත්, ලාන්ස් කෝප්‍රල් නිලයේ කොමිෂන් නොලත් නිලධාරින් 364 දෙනෙකු කෝප්‍රල් නිලයට සහ සාමාන්‍ය සෙබළුන් 330 දෙනෙකු ලාන්ස් කෝප්‍රල් නිලයටත් උසස් වීම් ලබා ඇත.

    මේ අතර, යුද හමුදාවේ ජ්‍යේෂ්ඨ බ්‍රිගේඩියර් නිලයේ නිලධාරීන් දෙදෙනෙකු වන මේජර් ජෙනරාල් පී.එන් ගොඩැල්ලවත්ත සහ මේජර් ජෙනරාල් යූ.එල්.ජේ.එස් පෙරේරා, මේජර් ජෙනරල් නිලයට උසස් වීම් ලැබූ බව යද හමුදා මධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.