Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය
    Featured

    ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන්ට මාර්තු සිට දිවා ආහාරය

    By LFNFebruary 2, 2024No Comments1 Min Read131 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    එළඹෙන මාර්තු මාසයේ සිට මෙරට පාසල්වල පළමු ශ්‍රේණියේ සිට 5වන ශ්‍රේණිවල සියලු‍ දරුවන් සඳහා දිවා ආහාර ලබාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

    ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් ලක්ෂ 16ක් පමණ සිටින බවත් ඔවුන් වෙත පාසල් දිවා ආහාර වේල ලබාදීම වෙනුවෙන් රුපියල් බිලියන 16ක් වෙන්ව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    එමෙන්ම 2024 වසර වෙනුවෙන් අවශ්‍ය පාසල් පෙළ පොත් සියල්ල මේ වනවිට මුද්‍රණය කර අවසන් බවත් පාසල් ආරම්භයෙන් පසු තෙවැනි වාරය අවසන් වූ වහාම එම පෙළ පොත් ද නිල ඇදුම් රෙදි ද පාසල් දරුවන් වෙත ලබාදීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික පාසල්වල විදේශ භාෂා ඉගැන්වීම පිණිස බඳවාගත් උපාධිධාරීන් 162 දෙනෙකු වෙත ශ්‍රී ලංකා ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට පත්වීම් ප්‍රදානය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (01) පැවති උත්සව අවස්ථාවට එක්වෙමිනි.

    පාසල් පද්ධතිය තුළ පවත්නා විදේශ භාෂා ඉගැන්වෙන පාසල් සංඛ්‍යාව පුළුල් කිරීමත්, භාෂා විද්‍යාගාර දැනට ක්‍රියාත්මක වන පාසල් වෙත නව විදේශ භාෂා හඳුන්වාදීමත් අරමුණු කරගනිමින් ප්‍රංශ, ජපන්, චීන, කොරියන්, හින්දි, ජර්මන් යන විෂයන් රජයේ පාසල් තුළ ඉගැන්වීම සඳහා සුදුසුකම් සහිත උපාධිධාරීන් ගුරුවරුන් ලෙස බඳවාගැනීමට අදාළව ලැබී ඇති අමාත්‍ය මණ්ඩල තීන්දුවක් අනුව මෙම පත්වීම් ප්‍රදානය සිදුකරන ලදී.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202604 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.