Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට
    Featured

    පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට

    By LFNJanuary 28, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    ඊයේ (27) එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

    මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම, ඊට ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබා දී නැවත වම් පැත්තට ගැනීමේ දී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී ඇත.

    පසු ව යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර, යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකාරිය ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යට වී ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

    අනතුරින් මිය ගොස් ඇත්තේ, අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්ත 52 හැවිරිදි පොලිස් නිලධාරිනියකි.

    මේ අතර, පුලස්තිපුර – තඹාල – ලංකාපුර අතුරු මාර්ගයේ තඹාල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ටිපර් රථය ඉදිරිපිට යතුරුපැදිය පෙරළී යාමෙන් එම අනතුර සිදු ව ඇත.

    අනතුරින් මිය ගොස් ඇත්තේ, අල්ගිලාල්පුර – තඹාල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර, බොරැල්ල – බේස්ලයින් මාර්ගයේ මවුන්ට් මෙරි හංදිය අසල දී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදු ව ඇත.

    අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ පසුපැදිකාරිය මිය ගොස් ඇත.

    එලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202605 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.