Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

    July 7, 2025

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට
    Featured

    පොලිස් කාන්තාවක් ජීවිතක්ෂයට

    By LFNJanuary 28, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරු තුනකින් පොලිස් කාන්තාවක්, තරුණයෙක් සහ තවත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    ඊයේ (27) එම අනතුර සිදු ව ඇති බව පොලීසිය පවසයි.

    මීරිගම – පස්යාල මාර්ගයේ දුමුන්නේගෙදර ප්‍රදේශයේ දී සිදු වූ යතුරපැදි අනතුරකින් පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    මීරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම, ඊට ඉදිරියෙන් ධාවනය වූ තවත් යතුරුපැදියකට ඉස්සර කිරීමට යාමේ දී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කන්ටේනර් රථයකට ඉඩ ලබා දී නැවත වම් පැත්තට ගැනීමේ දී ඉදිරියෙන් ගිය යතුරුපැදියේ ගැටී ඇත.

    පසු ව යතුරුපැදිය මාර්ගයේ වැටී ඇති අතර, යතුරුපැදියේ ගමන් කළ පසුපැදිකාරිය ඉදිරියෙන් පැමණි කන්ටේනර් රථයට යට වී ඇත.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පසුපැදිකාරිය වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් තිබේ.

    අනතුරින් මිය ගොස් ඇත්තේ, අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි වරකාපොළ පොලිස් ස්ථානයට අනුයුක්ත 52 හැවිරිදි පොලිස් නිලධාරිනියකි.

    මේ අතර, පුලස්තිපුර – තඹාල – ලංකාපුර අතුරු මාර්ගයේ තඹාල ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට පත් ව තිබේ.

    යතුරුපැදියක් එම දිශාවටම ධාවනය වූ ටිපර් රථයකට ඉස්සර කිරීමට යාමේ දී ටිපර් රථය ඉදිරිපිට යතුරුපැදිය පෙරළී යාමෙන් එම අනතුර සිදු ව ඇත.

    අනතුරින් මිය ගොස් ඇත්තේ, අල්ගිලාල්පුර – තඹාල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර, බොරැල්ල – බේස්ලයින් මාර්ගයේ මවුන්ට් මෙරි හංදිය අසල දී යතුරුපැදි දෙකක් ගැටී අනතුරක් සිදු ව ඇත.

    අනතුරින් තුවාල ලබා රෝහල්ගත කළ පසුපැදිකාරිය මිය ගොස් ඇත.

    එලෙස මිය ගොස් ඇත්තේ, කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි කාන්තාවකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025

    මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

    July 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,315 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,507 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,950 Views
    Don't Miss

    බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා 20යි 20 සංචිතය මෙන්න

    July 7, 20250111 Views

    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග තුනකින් යුතු 20යි 20 ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී…

    සොඳුරු නිවසක් – විකසිත පවුලක් පේලි නිවාස පිළිසකර කිරීමේ ව්‍යාපෘතිය ඇරඹෙයි

    July 7, 2025

    සීතාවක ප්‍රා.ස සභාපති තෝරාගැනීම සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සමට නියෝගයක්

    July 7, 2025

    මැතිවරණ කොමිසමේ සේවාවන් නැවත දැනුම්දෙන තුරු අත්හිටුවයි

    July 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.