වැඩිමල් සොහොයුරා විසින් එල්ලකළ කතුරු ප්‍රහාරයකින් ඔහුගේ බාල සොහොයුරා මියගොස් තිබේ.
මෙම ඝාතනය සිදුව ඇත්තේ බොරැල්ල සර්පන්ටයින් පාරේ නිවසකදීය.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු මත්පැන් පානය කරමින් සිටියදී සිය වැඩිමහල් සොහොයුරා සමඟ ඇති වූ බහින් බස් වීමත් දුරදිග යාමෙන් අනතුරුව සැකකාර වැඩිමල් සොහොයුරා විසින් කතුරකින් මෙලෙස ඔහුගේ පපු ප්‍රදේශයට පහරදී තිබේ.
කතුරු ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලද පුද්ගලයා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇත.
මොවුන් දෙදෙනාම මත්ද්‍රව්‍ය සහ මත්පැන් පානය සඳහා ඇබ්බැහි වූවන් බවද පොලීසිය පවසයි.
59 හැවිරිදි සැකකාර සොයුරා ඝාතනයට යොදා ගත් කතුරත් සමග පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.