බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළායමින් සිටි රැඳවියෙකු ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එම රැඳවියා මාතර බන්ධනාගාරයේ රඳවා සිට ඇති අතර ඔහුව තවත් සිරකරුවන් පිරිසක් සමග මාතර මන්තින්ද පිරිවෙණේ වැඩකටයුතු සඳහා යොදවා සිට ඇත.
එහිදී සැකකරු බන්ධනාගාර නිලධාරීන්ගේ ග්‍රහණයෙන් මිදී පළාගොස් ඇති අතර ඔහු බස් රථයකින් ප්‍රථමයෙන් ගාල්ලට පැමිණ තිබේ.
අනතුරුව සැකකාර බන්ධනාගාර රැඳවියා ගාල්ල දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැග සිටියදී ගාල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.