හෙරොයින් තොගයක් සමග කොටුවූ සැකකරුවන් 11ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 07ක රැඳවුම් නියෝග ලබාගෙන ඇත.
දකුණු මුහුදු තීරයේදී බහුදින ධීවර යාත්‍රා දෙකකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් 11ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
එහිදී අදාළ බහුදින ධීවර යාත්‍රාවල තිබී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 65යි ග්‍රෑම් 76ක් සොයාගත් අතර නාවික හමුදාව විසින් අදාළ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙනු ලැබීය.