Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 2025

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Sport»යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය හිමිකරගනී
    Sport

    යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය හිමිකරගනී

    By LFNJanuary 22, 2024No Comments2 Mins Read130 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ ප්‍රථම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ජයගත්තේය.

    ලකුණු 204ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවිය.

    ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඔවුන්ට හිමිවූ ඉලක්කය පන්දුවාර 22කදී ලකුණු 129කි.

    එහෙත් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ ප්‍රබල පන්දු යැවීම හමුවේ සිම්බාබ්වේ යෞවන කණ්ඩායමට පන්දුවාර 21යි පන්දු 1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 89ක් පමණි.

    මෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති පන්දුවාර 4කදී ලකුණු 17කට කඩුලු 4ක් දවාගත්තේය.

    ඔහුට අගනා සහායක් ලබාදුන් විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා කඩුලු 2 බැගින් දවාගත්තේය.

    ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 204ක් රැස්කරගැනීමට සමත්විය.

    එහිදී අගනා පිතිහරඹයක නියැලුණු දිනුර කළුපහන පන්දු 55කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග ලකුණු 60ක් රැස්කරගත්තේය.

    නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ෂන්මුගනාදන් හතරේ පහර 3ක් සමග ලකුණු 41ක් රැස්කරගත්තේය.

    මීට අමතරව ශ්‍රී ලංකාව වෙනුවෙන් රවිශාන් ද සිල්වා සහ රුසඳ ගමගේ ලකුණු 31 බැගින් රැස්කරගත්තේය.

    ශ්‍රී ලංකා පිතිකරුවන්ට සිම්බාබ්වේ පන්දුවයන්නන් විසින් ප්‍රබල බලපෑමක් එල්ලකළේය.

    එහිදී Kohl Eksteen කඩුලු 3ක් දවාගත් අතර Newman Nyamhuri සහ Matthew Schonken කඩුලු 2 බැගින් දවාගත්තේය.

    මුල්පෙළ පිතිකරුවන්ට එල්ලවූ දැඩි පීඩනය හමුවේ ශ්‍රී ලංකා යෞවන කණ්ඩායමේ ලකුණු පුවරුව පන්දුවාර 5ක් අවසානයේදී දැක්වුණේ ලකුණු 13කට කඩුලු 3ක් ලෙසටය.

    එහෙත් කළුපහන, ෂන්මුගනාදන්, රවිශාන් සහ රුසඳ එක්ව ගොඩනැගූ සම්බන්ධතාවයෙන් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 204ක් දක්වා වර්ධනය විය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ශ්‍රී ලංකාව පාකිස්තානයේ දී වයිට්වොෂ් වෙයි

    November 17, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන ඉතිරි තරග දෙකේ දින වෙනස් වෙයි ?

    November 13, 2025

    ශ්‍රී ලංකා – පාකිස්තාන පළමු එක්දින තරගය අද

    November 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    Rebuilding Sri Lanka අරමුදල රුපියල් බිලියන 4 ඉක්මවයි

    December 19, 20250119 Views

    ‘Rebuilding Sri Lanka’ අරමුදලට මේ වනවිට රුපියල් මිලියන 4,286ක (රු.බි. 4.2) ඉක්මවූ මුදල් ප්‍රමාණයක් ලැබී…

    උඩදුම්බර සහ වලපනේ නායයෑමක් – අවධානයෙන් ඉන්න

    December 19, 2025

    විස්සයි20 ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා නායකත්වය දසුන්ට

    December 19, 2025

    IMF වෙතින් ශ්‍රී ලංකාවට අ.ඩො.මි. 200ක් ලබාදීම තීරණය කෙරෙන රැස්වීම අද

    December 19, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.