මෙරට ශ්‍රම බළකායෙන් වැඩි පිරිසක් මේ වන විට මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.
මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳ ප්‍රජාව දැනුම්වත් කිරිම වෙනුවෙන් මහරගම දී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.
ප්‍රජා පොලිස් පිහිටුවීමේ පස් වැනි අදියර ලෙස කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ප්‍රජා පොලිස් නිලධාරින් දැනුම්වත් කිරීමේ උත්සවයක් මාලිගාවත්ත පීඩී සිරිසේන ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවැත්විණි.
ඒ, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙනි.
පොලිස් වසම් 08ක් නියෝජනය කරමින් ප්‍රජා පොලිස් සාමාජිකයන් 2,100ක් එම වැඩසටහනට සහභාගි වී සිටියේය.