Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කරාපිටියේ විරෝධයක් – රෝගීන් සහ ගම්මුත් එක්වෙයි
    Featured

    කරාපිටියේ විරෝධයක් – රෝගීන් සහ ගම්මුත් එක්වෙයි

    By LFNJanuary 19, 2024No Comments1 Min Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම රෝහලේ පිළිකා ඒකකයේ වෛද්‍යවරු, හෙද හෙදියන්, රෝගීන් සහ ප්‍රදේශවාසීන් අද (19) විරෝධතාවක නිරත විය.

    ඔවුන් පවසන්නේ වෛද්‍යවරයාට පහරදුන් රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

    සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ළමා, පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සිදුනොකරන බව සඳහන් කළද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊට එක්ව තිබුණි.

    වර්ජනයෙන් පසු දින එම සේවකයන් යළි සේවයට වාර්තාකර තිබූ අතර වර්ජනයෙන් පිළිකා ඒකකයේ කටයුතුවලට බාධා එල්ල වූ බවට කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා චෝදනා කර තිබේ.

    එහිදී ඒ මහතා සහ එදින සේවයට වාර්තා කර තිබූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

    මෙම සිද්ධියෙන් අනතුරුව විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා අත්අඩංගුවට ගෙන ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

    මේ අතර එම නොසන්සුන්තාව අතරතුර වෛද්‍යවරයා පහරකෑමට ලක්ව ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවත් අද විරෝධයට එක්වූ පිරිස පෙන්වා දෙයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.