විදේශ රැකියාවන්හි නිරතව සිට නැවත මෙරටට පැමිණෙන කාන්තාවන්ගේ නිවාස වෙත ගොස් මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයෙක් හතරලියද්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරියෙකු බව පවසමින් සැකකරු වංචනික ලෙස මූල්‍ය වංචා සිදුකළ බව හෙළිවී ඇත.
එම කාන්තාවන්ට අදාළ රක්ෂණ ආවරණ කල්පිරී ඇති බවත්, එලෙස කල්පිරුණු මුදල් ලබාගැනීමට මූලික ගෙවීමක් සිදුකළ යුතු බවත් පවසා මෙම පුද්ගලයා විවිධ මුදල් ප්‍රමාණ රැගෙන ගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශවලදී හෙළිවී තිබේ.