Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රියදුරෙකු බිලිගත් පොලිස් වෙඩිල්ල ගැන තවත් තොරතුරු
    Featured

    රියදුරෙකු බිලිගත් පොලිස් වෙඩිල්ල ගැන තවත් තොරතුරු

    By LFNJanuary 19, 2024No Comments1 Min Read242 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    නාරම්මල, දම්පැලැස්ස ප්‍රදේශයේදී වෙඩි වැදීමකින් ඊයේ (18) පස්වරුවේ පුද්ගලයෙකු මියගොස් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ පොලිස් අන නොතකා ධාවනය කළ ලොරි රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බවය.

    සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම වෙඩිවැදීම සිදුවී තිබුණේ අද පස්වරු 06.30 ට පමණය.

    වෙඩිවැදීමට ලක්වූ පුද්ගලයා ඔහුට අයත් කුඩා ලොරි රථයෙන් කටුපොත ප්‍රදේශයේ සිට දම්පැලැස්ස ප්‍රදේශය ඔස්සේ සිය නිවස බලා ගමන් කරමින් සිට තිබුණි.

    පොලීසිය පැවසුවේ නාරම්මල ප්‍රදේශයේදී මාර්ගයේ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ලොරි රථය නවත්වන ලෙස කළ දැනුම්දීම නොතකා රියදුරු එය ඉදිරියට ධාවනය කර ඇති බවය.

    ඒ අනුව රථය පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් දෙදෙනා දම්පැලැස්ස ප්‍රදේශයේදී එය නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී මෙම වෙඩිවැදීම සිදුවී ඇති බව පොලීසිය සඳහන් කරයි.

    එහිදී වෙඩිවැදීමෙන් තුවාල ලැබූ ලොරි රථයේ ගමන් කළ පුද්ගලයා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

    සිද්ධිය වූ අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයෙකු එය ජංගම දුරකථනයකින් පටිගත කර තිබුණි.

    වෙඩිවැදීමෙන් මියගොස් ඇත්තේ වෑත්තෑව ප්‍රදේශයේ පදිංචි තිදරු පියෙකි.

    මේ අතර අප වාර්තාකරු පැවසුවේ සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීන් නාරම්මල පොලිස් ස්ථානය අසලට පැමිණීමත් සමග එම ස්ථානයේ නොසන්සුන් තත්ත්වයක් ඇතිවූ බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 2025

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,365 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    ජනපති හා ඇඟලුම් පාර්ශ්වකරුවන් අතර පූර්ව අයවැය සාකච්ඡාවක්

    September 12, 20250119 Views

    රට තුළ ඇති වී තිබෙන ආර්ථික ස්ථාවරත්වය මත පදනම්ව ඉදිරි ආර්ථික වර්ධන ඉලක්ක සපුරාගැනීම රජයේ…

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    September 12, 2025

    අයවැය නොවැම්බර් 7 වැනිදා

    September 12, 2025

    වැටුප් විෂමතාව ඇතුළු විශ්‍රාමිකයන්ගේ ගැටලුවලට කඩිනම් විසදුම්

    September 12, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.