Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ අනවසර නිවාස සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට නිවේදනයක්
    Featured

    කොළඹ අනවසර නිවාස සහ ගොඩනැගිලිවල හිමිකරුවන්ට නිවේදනයක්

    By LFNJanuary 18, 2024No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ නගරය තුළ ඇති ඇළ මාර්ග අවහිර වන ලෙස පවතින නිවාස හා ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.

    අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොළඹ මහ නගර සභාවේ, අධ්‍යක්ෂ ඉංජිනේරු, ආර්. ඒ. ටී. පී. රණවක මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ ඇති වූ තද වැසි හේතුවෙන් කොළඹ නගරය යට වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.

    අදාළ නිවෙස්වල ජීවත් වන ජනතාවට අපහසුතාවයක් නොවන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කර එවැනි ඇළ මාර්ග ආශ්‍රිතව නිවාස ඉදිරි කළ ජනතාව ඉන් ඉවත් කිරීමේ කටයුතු සුදානම් කර ඇතැයි ද ඒ මහතා පැවසීය.

    මට්ටක්කුලිය, ජේතවනය ආදි බොහෝ ස්ථානවල මෙවැනි තත්ත්වයක් දක්නට ඇති බව ද පැවසු රණවක මහතා, ඉතා ඉක්මනින් ඉවත් කළ යුතු කොටසක් මේ වනවිට හඳුනාගෙන ඇති බවත් ලබන සතියේ ඊට අදාළ කටයුතු සිදුකරන බවත් කියා සිටියේය.

    එම නිවාසවල සිටින ජනතාවගේ විස්තර රැගෙන ඔවුන් මේ වනවිට වෙනත් ස්ථානයක නිවාස ලබාගැනීමට නාගරික සංවර්ධන අධිකාරියට කැමැත්ත පළ කර ඇතැයි ද පැවසු ඒ මහතා, නාගරික කොමසාරිස් ජනරාල්වරියගේ උපදෙස් මත අවහිර වී ඇති සියලු නිවාස ඉවත් කිරීමට තීරණය කළ බවද පැවසීය.

    “අහසින් එන වතුර පාරවල් දිගේ ඇවිල්ල අපේ කාණු පද්ධතියක් තිබෙනවා ඒවා දිගේ ගලා ගිහින් ඇළවල්වලට වැටිලා, ඇළවල්වලින් මහ මුහුදට යනවා. අපි ස්ථාන 22ක් හඳුනගෙන තිබෙනවා. අපි ඒවට සැලසුම් කිහිපයකින් පිළිතුරු හදනවා. ගංවතුර බැස යෑමේදී ඇළවල්වල තිබෙන බාධක තමයි ගැටලුවක් තිබෙන්නේ. ඇළ මාර්ග සුද්ද කිරීමට අපහසු වෙන විදිහට හදපු නිවාස තිබෙනවා. මේ ගෙවල් ප්‍රමාණය සම්පූර්ණයෙන්ම ඉවත්කර මේ ජල ප්‍රවාහනය ක්‍රමවත් කරන්න අපි කටයුතු කරනවා. අපි ඉදිරියට කටයුතු කරද්දි ඉවත් කරන පිරිසට ගෙවල් ලබා දීලා ක්‍රමවත් සැලසුමකට කටයුතු කරනවා. මේ වන විට මුදල් ප්‍රශ්නය බලපාලා තිබෙනවා. කොළඹ නගරයේ වතුර බ්ලොක් වෙනවා කිව්වට, වැටෙන වර්ෂාපතනය අධික නිසා එකවර ජලය ගලා යාමේ ගැටලුවක් එනවා. ඉස්සර නම් වතුර උරාගන්න ඉඩම් තිබුණා. දැන් එහෙම ඉඩම් නැහැ. ඒ නිසා වැස්සෙන් වැටෙන ජලය පාරවල් දිගේ වේගයෙන් ගලාගෙන යනවා. ඒ ජලය මුහුද පැත්තට වේගයෙන් ගෙනියන්න ඕනේ. අපි මේ වෙනුවෙන් විශාල ඇළ මාර්ගයක් මේ වන විට සකස් කරමින් ඉන්නේ.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.