Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බිල් නොගෙවූ 80,000කගේ ජලය කැපේ
    Featured

    බිල් නොගෙවූ 80,000කගේ ජලය කැපේ

    By LFNJanuary 18, 2024No Comments1 Min Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ගාස්තු නොගෙවීම් හේතුවෙන් ජල පාරිභෝගිකයින් 80,000කට අධික පිරිසකගේ පසුගිය වසර තුළ ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    ඒ අනුව ලක්ෂ 30ක් පමණ වන ජල පාරිභෝගිකයින්ගෙන් 80,970 දෙනෙකුගේ ජල සැපයුම් විසන්ධි කර ඇති බව එම මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

    ඒ අතර ගෘහස්ත පාරිභෝගිකයින් 63,150 දෙනෙකු සිටින අතර ගෘහස්ථ නොවන පාරිභෝගිකයින් සංඛ්‍යාව 17,820ක් බව වාර්තා වේ.

    ජල සැපයුම් විසන්ධි කළ පාරිභෝගිකයින්ගෙන් රුපියල් මිලියන 1,909ක් ජලාපවහන මණ්ඩලයට අයකරගත යුතුව පවතී.

    එමෙන්ම ජල ගාස්තු නොගෙවීම හේතුවෙන් රුපියල් මිලියන 6,118ක් මණ්ඩලයට අය කරගත යුතුව පවතින බව ද සඳහන්ය.

    ඒ අතර රෝහල් මඟින් රුපියල් මිලියන 182ක් ද පාසල් මඟින් රුපියල් මිලියන 175ක් ද හමුදාව සහ පොලීසිය මඟින් රුපියල් මිලියන 116ක් ද ඇතුළුව ජල සම්පාදන මණ්ඩලය හිඟ වාරික අය කරගත යුතුව පවතී.

    මේ අතර ජල සම්බන්ධතා විසන්ධි කර ඇති පාරිභෝගිකයින් හට ගෙවිය යුතු මුදලින් සියයට 25ක මුදලක් ගෙවා යළි සබඳතාව ලබාගෙන ඉදිරි ගෙවීම් කටයුතු සිදුකරගෙන යා හැකි බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.