Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි
    Featured

    නව මෝටර් රථ පනතක් හඳුන්වාදීමට යයි

    By LFNJanuary 18, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මේ වනවිට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වනවිට විසඳන බව රජය පවසයි.

    ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.

    රියදුරු බලපත්‍ර නිකුත් කෙරෙන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා මෙසේ ද පැවසීය,

    “පවතින මෝටර් රථ පනත සංශෝධනය කර නව පනතක් ගෙන ඒමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.”

    “ඒ වගේම මාර්ග අනතුරු වළක්වා ගැනීම සඳහා වන වේග සීමා ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරමින් පවතිනවා. තවද රියදුරන් සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන්නේ බීමත් රියදුරන් හඳුනා ගැනීම පමණයි. නමුත් මේ වසරේ සිට මත්ද්‍රව්‍ය පානය කර රිය පැදවීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වන රියදුරන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද රටපුරා ක්‍රියාවට නංවා තිබෙනවා. එහි මූලික අදියර බස්නාහිර පළාතේ සහ දකුණු පළාතේ ක්‍රියාත්මක කෙරුණා.”

    “එමෙන්ම රිය අනතුරකදී අවශ්‍ය ප්‍රථමාධාර පිළිබඳව රියදුරන් දැනුවත් කිරීම සඳහා වන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. ඉදිරියේදී රියදුරු බලපත්‍ර පරීක්ෂණයේදී ප්‍රථමාධාර සම්බන්ධ ප්‍රශ්න ඇතුළත් කිරීමටද සැලසුම් කර තිබෙනවා.”

    “අප රටේ වාහන මිලියන 8.9ක් පමණ භාවිත වෙනවා. එලෙසම රියදුරන් ලක්ෂ 85ක් පමණ රියදුරු බලපත්‍රය ලබාගෙන තිබෙනවා. රියදුරු බලපත්‍ර නිකුත් කරන දිස්ත්‍රික් කාර්යාල සියල්ල මේ වසර අවසානයට පෙර වේරහැර ප්‍රධාන කාර්යාලයේ තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරනවා.”

    “ඒ වගේම විදේශිකයින්ට අවශ්‍ය රියදුරු බලපත්‍ර ලබාදීමේ වැඩසටහන ලබන අප්‍රේල් මාසය වන විට ගුවන්තොටුපලේදීම ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එසේම රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේ දී මේ වන විට මතුවී තිබෙන ගැටලුකාරී තත්ත්වය ලබන ඔක්තෝබර් මාසය වන විට විසඳනවා. ඒ අනුව තාවකාලික රියදුරු බලපත්‍ර වෙනුවට එක්දින සේවය හරහා ස්ථිර රියදුරු බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනවා.”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202607 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.