Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එළවළු මිල ඉදිරියටත් ඉහළ මට්ටමක
    Featured

    එළවළු මිල ඉදිරියටත් ඉහළ මට්ටමක

    By LFNJanuary 18, 2024No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ එළවළු වගාබිම් රැසකට හානි වී තිබීම නිසා එළවළු මිල ගණන් ඉදිරි කාලයේ දීත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

    වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑමයක තොග මිල අද වන විට රුපියල් දෙදහස් පන්සීය දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක නුවරඑළියේ ගොවීන් තම අස්වනු ගොවි බිම්වල සිටම අඩු මිලට අලෙවි කරනු දක්නට ලැබිණි.

    පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ, නාරාහේන්පිට, තඹුත්තේගම, නුවරඑළිය හා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල අධික ලෙස ඉහළ ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් අද දෙරණ ඊයේ වාර්තා කළේය.

    අද වන විට එම මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඊයේ රුපියල් 1,500ත් 2,000ත් අතර මිලකට අලෙවි වූ කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල අද වන විට රුපියල් 1700ත් 2500ත් දක්වා ඉහළ ගොස් තිබිණි.

    එමෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 1,200ක්, මාළු මිරිස් රුපියල් 1,000ක්, බීට් රූට් හා ගෝවා රුපියල් 800ක් වැනි අගයක අද තොග මිල සටහන් විය.

    මිල එලෙස ඉහළ යද්දී අද ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග ප්‍රමාණයේ අඩුවක් ද දක්නට ලැබී ඇත.

    මෙම තත්ත්වය හමුවේ බදුල්ලේ වෙළෙඳුන් එළවළු සිල්ලර වෙළෙඳාමෙන් ඉවත් වී ඇති අයුරු අද දක්නට ලැබිණි.

    මේ අතර, අධික වර්ෂාවත් සමඟ නුවරඑලියේ එළවළු වගාබිම් රැසක් හානි වීම නිසා අස්වනු අධික ලෙස පහත වැටීම මෙලෙස එළවළු මිල ඉහළ යාමට හේතුව බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පෙන්වා දෙයි.

    මෙවන් පසුබිමක නුවරඑළියේ ගොවීන් තම අස්වනු සිය ගොවිපොළේ දී ම තොග වෙළෙඳුන්ට අඩු මිලට අලෙවි කිරීම මේ වන විට සිදු කරමින් සිටින බව වාර්තා වේ.

    ඔවුන් කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 350 – 600ත් අතර මිලකටත්, ලීක්ස් රුපියල් 250ක්, බෝංචි රුපියල් 300ත් 400ත් අතර මිලකට, මිරිස් රුපියල් 800ත් 900ත් අතර මිලකට, මාළු මිරිස් රුපියල් 450ක් සහ ගෝවා රුපියල් 300ත් 350ත් අතර මිලකටත් අලෙවි කරනු දක්නට ලැබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202607 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.