Close Menu
Lanka Focus News
    What's Hot

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»එළවළු මිල ඉදිරියටත් ඉහළ මට්ටමක
    Featured

    එළවළු මිල ඉදිරියටත් ඉහළ මට්ටමක

    By LFNJanuary 18, 2024No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ නුවරඑළියේ එළවළු වගාබිම් රැසකට හානි වී තිබීම නිසා එළවළු මිල ගණන් ඉදිරි කාලයේ දීත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසයි.

    වෙළෙඳපොළේ කැරට් කිලෝග්‍රෑමයක තොග මිල අද වන විට රුපියල් දෙදහස් පන්සීය දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක නුවරඑළියේ ගොවීන් තම අස්වනු ගොවි බිම්වල සිටම අඩු මිලට අලෙවි කරනු දක්නට ලැබිණි.

    පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ, නාරාහේන්පිට, තඹුත්තේගම, නුවරඑළිය හා දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානවල එළවළු තොග මිල අධික ලෙස ඉහළ ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් අද දෙරණ ඊයේ වාර්තා කළේය.

    අද වන විට එම මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඊයේ රුපියල් 1,500ත් 2,000ත් අතර මිලකට අලෙවි වූ කැරට් කිලෝ ග්‍රෑමයක තොග මිල අද වන විට රුපියල් 1700ත් 2500ත් දක්වා ඉහළ ගොස් තිබිණි.

    එමෙන්ම බෝංචි කිලෝවක් රුපියල් 1,200ක්, මාළු මිරිස් රුපියල් 1,000ක්, බීට් රූට් හා ගෝවා රුපියල් 800ක් වැනි අගයක අද තොග මිල සටහන් විය.

    මිල එලෙස ඉහළ යද්දී අද ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙන එළවළු තොග ප්‍රමාණයේ අඩුවක් ද දක්නට ලැබී ඇත.

    මෙම තත්ත්වය හමුවේ බදුල්ලේ වෙළෙඳුන් එළවළු සිල්ලර වෙළෙඳාමෙන් ඉවත් වී ඇති අයුරු අද දක්නට ලැබිණි.

    මේ අතර, අධික වර්ෂාවත් සමඟ නුවරඑලියේ එළවළු වගාබිම් රැසක් හානි වීම නිසා අස්වනු අධික ලෙස පහත වැටීම මෙලෙස එළවළු මිල ඉහළ යාමට හේතුව බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පෙන්වා දෙයි.

    මෙවන් පසුබිමක නුවරඑළියේ ගොවීන් තම අස්වනු සිය ගොවිපොළේ දී ම තොග වෙළෙඳුන්ට අඩු මිලට අලෙවි කිරීම මේ වන විට සිදු කරමින් සිටින බව වාර්තා වේ.

    ඔවුන් කැරට් කිලෝ ග්‍රෑමයක් රුපියල් 350 – 600ත් අතර මිලකටත්, ලීක්ස් රුපියල් 250ක්, බෝංචි රුපියල් 300ත් 400ත් අතර මිලකට, මිරිස් රුපියල් 800ත් 900ත් අතර මිලකට, මාළු මිරිස් රුපියල් 450ක් සහ ගෝවා රුපියල් 300ත් 350ත් අතර මිලකටත් අලෙවි කරනු දක්නට ලැබිණි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 2026

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,482 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

    October 26, 202606 Views

    බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර හා නාවික ප්‍රජාව වෙනුවෙන් තද සුළං…

    වප් පුර පසළොස්වක පොහොය දිනය අදයි

    October 25, 2026

    මාස 6කට පසු බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළට

    October 24, 2026

    නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම්දීමක්

    October 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.