කැලණි ගඟේ දිය නෑමට ගොස් සිටියදී කිඹුලෙකුට ගොදුරුවූ දරුවාගේ සිරුර පොලීසිය විසින් සොයාගෙන තිබේ.
දරුවා සොයා පොලිස් නාවික කොට්ඨාසය සහ නාවික හමුදා කිමිඳුම් නිලධාරීන් ආරම්භ කළ මෙහෙයුමේදී ඊයේ පස්වරුවේ එම දරුවාගේ සිරුර සොයාගෙන ඇත.
පොලීසිය පැවසුවේ දරුවා කිඹුලාට ගොදුරු වූ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ ගඟ පහළින් මෙම දරුවාගේ සිරුර සොයාගෙන ඇත.
සොයාගත් සිරුර කොළඹ අධිකරණ වෛද්‍යනිලධාරී වෙත යොමුකිරීමෙන් අනතුර හෙට පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.
මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වුණේ කඩුවෙල, වැලිවිට සාන්ත අන්තෝනි මාවතේ පදිංචි දිස්න ප්‍රබෝද් නම් 09 හැවිරිදි දරුවෙකි.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලා වූ දිස්න,කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙණුම ලැබීය.
ඔහු ඊයේ දියනෑම සඳහා නිවසට ආසන්න කැලණි ගඟට පැමිණ තිබුණේ සිය මිත්තණිය සහ එක් සහෝදරයෙක් සමඟය.
මිත්තණිය රෙදි සෝදමින් සිටින අතරතුර ඒ ආසන්නයේ පුංචි දිස්න සිය බාල සහෝදරයා සමඟ දියනාමින් සිටියදී අනපේක්ෂිත අයුරින් එක්වරම පැමිණි කිඹුලෙකු දිස්නව ඩැහැගෙන ගොස් තිබුණි.