Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩා දරුවෙකුට කඩුවකින් කෙටූ සැකකරුට අධිකරණය දුන් නියෝගය
    Featured

    කුඩා දරුවෙකුට කඩුවකින් කෙටූ සැකකරුට අධිකරණය දුන් නියෝගය

    By LFNJanuary 16, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බාලවයස්කාර දරුවෙකුට කඩුවකින් පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    සැකකරු දින 11ක් තිස්සේ සැඟව සිට ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 14 හැවිරිදි වියේ පසුවන දරුවා රෝහලෙන් මුදාහැරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය වෙත පැමිණ භාරවී තිබේ.

    එහිදී සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද ඔහුව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා මෙම නියෝගය ලබාදී ඇත.

    එහිදී පොලීසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සැකකරු විසින් කුඩා දරුවාට පහරදීමට යොදාගත් කඩුව සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බවය.

    මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි.

    පසුගිය ජනවාරි මස 04 වනදා දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් අදාළ දරුවාට කඩුවකින් පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    එම ප්‍රහාරයෙන් දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් සිරුරෙන් වෙන්වී ගොස් ඇති බවට වාර්තාවෙයි.

    ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සැත්කමකට භාජනය කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.