Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කුඩා දරුවෙකුට කඩුවකින් කෙටූ සැකකරුට අධිකරණය දුන් නියෝගය
    Featured

    කුඩා දරුවෙකුට කඩුවකින් කෙටූ සැකකරුට අධිකරණය දුන් නියෝගය

    By LFNJanuary 16, 2024No Comments1 Min Read135 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    බාලවයස්කාර දරුවෙකුට කඩුවකින් පහරදුන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු එළඹෙන 19 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    සැකකරු දින 11ක් තිස්සේ සැඟව සිට ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ 14 හැවිරිදි වියේ පසුවන දරුවා රෝහලෙන් මුදාහැරීමෙන් අනතුරුව සැකකරු පොලීසිය වෙත පැමිණ භාරවී තිබේ.

    එහිදී සැකකරු අත්අඩංගුවට ගත් පොලීසිය අද ඔහුව වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදානන මහතා මෙම නියෝගය ලබාදී ඇත.

    එහිදී පොලීසිය අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර ඇත්තේ සැකකරු විසින් කුඩා දරුවාට පහරදීමට යොදාගත් කඩුව සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බවය.

    මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත්තේ රාගම පොඩිවීකුඹුර ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකි.

    පසුගිය ජනවාරි මස 04 වනදා දෙපාර්ශ්වයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් අදාළ දරුවාට කඩුවකින් පහරදී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

    එම ප්‍රහාරයෙන් දරුවාගේ වම් අතේ ඇඟිල්ලක් සිරුරෙන් වෙන්වී ගොස් ඇති බවට වාර්තාවෙයි.

    ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අදාළ දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සැත්කමකට භාජනය කර තිබේ.

    සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 2025

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරක

    December 25, 20250115 Views

    යාපනය – මුත්තනයිනාර් කෝවිල ආසන්නයේදී අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් පොලීසියෙන් හඹා යාමේ දී…

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.