Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහින්ද කොඩිතුවක්කු ගැන තවත් තොරතුරු රැසක් එළියට
    Featured

    මහින්ද කොඩිතුවක්කු ගැන තවත් තොරතුරු රැසක් එළියට

    By LFNJanuary 16, 2024No Comments1 Min Read153 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටිමින් බුදු දහමට නිගාවන ආකාරයේ දේශන පවත්වමින් සිටි මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් පන්නිපිටියේදී ඊයේ (15)අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකරු ප්‍රශ්න කිරීම්වලින් පසු අද (16) දින කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින තැනැත්තාව පසුව පරිගණක අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් ඔහු නවාතැන් ගෙන සිටි කැස්බෑව, මාකන්දන සර්වෝදය පාරේ පිහිටි දෙමහල් නිවස වෙත රැගෙන එනු ලැබීය.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය සැකකරු භාවිතා කළ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථන සිය භාරයට ගත්තේය.

    විමර්ශන නිලධාරින් පවසන්නේ සැකකරු රැඳී සිටී මෙම නිවස ඔහුගේ ඔස්ට්‍රේලියාවේ සිටින අනුගාමිකයෙකු විසින් ඔහුට ලබාදී ඇති බවය.

    ප්‍රදේශවාසීන් පවසන්නේ සැකකරු මෙම නිවසට පැමිණියේ මීට දින 10කට පමණ පෙර බවය.

    එමෙන්ම පසුගිය දින කිහිපය තුළ මෙම නිවසේ අලුයම් කාලය වනතුරු දේශන පැවති බවත් ඊට රැවුල සහ කොණ්ඩ වැවූ පුද්ගලයින් පිරිසක් සහභාගී වූ බවත් ප්‍රදේශවාසීන් පවසයි.

    අත්අඩංගුවට ගත් අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටින මහින්ද කොඩිතුවක්කු නැමැත්තා පසුව අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ආවේය.

    සැකකරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු හෙට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.