Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    May 16, 2025

    සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක්

    May 16, 2025

    පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    May 16, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රබර් පටියකට ගෙල සිර වී පුංචි පුතු අවසන් ගමන් යයි
    Featured

    රබර් පටියකට ගෙල සිර වී පුංචි පුතු අවසන් ගමන් යයි

    By LFNJanuary 15, 2024No Comments1 Min Read385 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රබර් පටියකට ගෙල සිරවීම හේතුවෙන් කලවාන, පොතුපිටිය, පනාපොල ප්‍රදේශයේ නව හැවිරිදි දරුවකු මියගොස් ඇතැයි පොතුපිටිය පොලිසිය සඳහන් කරයි.

    මෙලෙස මියගොස් ඇත්තේ කන්කානම්ලාගේ ගගන නමැති දරුවෙකි. ඔහු පවුලේ එකම දරුවාය.

    මෙම දරුවා යකඩ මිටි, බෝර යකඩ කූරුවලට රබර් පටි ගැටගසා කැරකවීම කුඩා කාලයේ සිටම විනෝදාංශයක් සේ කර තිබෙන බවත් පෙරේදා (13) ද නිවසේ සිටියෙදී ගල් කැඩීමට යොදාගන්නා බෝර කූරක රබර් පටියක් ගැටගසා කරකවමින් සිට ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

    මෙම අවස්ථාවේ මාපියන් නිවසේ නිදාගෙන සිට ඇති අතර දරුවා මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී යකඩ කූර හිසේ වැදී රබර් පටිය ගෙල සිරවී සිට ඇත.

    පැය භාගයකට වැඩි කාලයක් මිදුලේ වැටී සිටි දරුවා ගැන මාපියන් දැනගෙන ඇත්තේ අසල්වාසී දරුවකු කළ දැනුම්දීමකින් පසුව බව පොලීසිය සඳහන් කරයි.

    පොතුපිටිය රෝහල වෙත අසාධ්‍ය තත්ත්වයෙන් රැගෙන ආ දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා කලවාන රෝහල වෙත මාරු කර යවමින් සිටියදී මියගොස් තිබේ.

    මාපියන්ගේ නොසැලකිල්ල මෙම මරණයට හේතුවී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

    පොතුපිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාර නලවංශ ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    May 16, 2025

    සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක්

    May 16, 2025

    පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    May 16, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,288 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,488 Views

    පෙම්වතියව කෑලි 35කට කපා ෆ්‍රිජ් එකේ දාපු පෙම්වතා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

    November 18, 20221,896 Views
    Don't Miss

    පොසොන් සතිය ජුනි 7 සිට 13 දක්වා

    May 16, 2025085 Views

    එළඹෙන ජුනි මස 7 සිට 13 දක්වා පොසොන් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇත. ඊයේ (15)…

    සැප වාහන වෙන්දේසියෙන් මිලියන 200 ඉක්මවූ මුදලක්

    May 16, 2025

    පිල්ලෙයාන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

    May 16, 2025

    හරක් කටාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය ගැන විමර්ශන ඇරඹෙයි

    May 16, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.