Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සාද දෙකක දී ඝාතන දෙකක්
    Featured

    සාද දෙකක දී ඝාතන දෙකක්

    By LFNJanuary 15, 2024No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයිනේ ප්‍රදේශ දෙකක දී සිදුකළ පහරදීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

    හංවැල්ල පහත්ගම ප්‍රදේශයේ දී ඝාතනයට ලක්ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු ඊයේ (14) සවස සාදයකට සහභාගී වී ඇති අතර එහිදී තවත් පුද්ගලයෙකු සමග බහින්බස්වීමක් සිදුව තිබේ.

    පසුව ඒම ගැටුම දුරදිග යාමත් සමග සාදය අවසන් වී ඇති අතර ඔහු එම ස්ථානයෙන් පිටව යාමට සූදානම් වී ඇත.

    එම අවස්තාවේ දී නැවත් මෙම පුද්ගලයාට පහර දී ඇති අතර පසුව ඔහුව පාදුක්ක රෝහලට ඇතුළත් කර තිබේ.

    එහිදී ඔහු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    පහරදුන් පුද්ගලයාද තුවාල ලබා මේ වන විට ජයවර්ධනපුර රෝහලේ පොලිස් ආරක්ෂාව ඇතිව ප්‍රතිකාර ලබමින් සිටී.

    ඝාතනයට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    මේ අතර බෝයවලාන දුන්දෙණිය ජනපදය ප්‍රදේශයේ දී ද පහරදීමකින් ඝාතනයට ලක් ව ඇත්තේ 42 හැවිරිදි පුද්ගලයෙකි.

    ඔහු දුන්දෙණිය ජනපදය, මහරච්චිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    ඊයේ (14) සවස පැවති සාදයක දී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් තවත් පුද්ගලයෙකු විසින් තියුණූ ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය පවසයි.

    දඹදෙණිය රෝහලට ඇතුළත් කර පසු මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

    සැකකරු, ආරවුලට මැදි වූ කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු තුවාල ලබා අලව්ව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

    බෝයවලාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 2025

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,362 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,571 Views
    Don't Miss

    ඉදිරි පැය 36 ගැන කාලගුණ අනාවැකිය

    December 13, 20250121 Views

    ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. එම…

    ලාංකිකයින් ඇතුළු 18ක් සමග විදෙස් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉරාන බලධාරීන් භාරයට

    December 13, 2025

    නායයෑමට ලක් වූ ප්‍රදේශවල ජනතාවට රජයේ ඉඩම් දෙන්න අවධානය

    December 13, 2025

    උත්සව සමය වෙනුවෙන් රාජ්‍ය සේවකයින්ට විශේෂ අත්තිකාරම් මුදලක්

    December 13, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.