Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කෘෂි විද්‍යාව පේපරේ ලීක් කළ ගුරා අත්අඩංගුවට
    Featured

    කෘෂි විද්‍යාව පේපරේ ලීක් කළ ගුරා අත්අඩංගුවට

    By LFNJanuary 15, 2024No Comments1 Min Read160 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ගැටලු කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෘෂිකර්මය විෂය ඉගැන්වීමේ නිරත රජයේ පාසලක ගුරුවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකාර ගුරුවරයා අම්පාර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර ප්‍රදේශයේ ප්‍රසිද්ධ රජයේ පාසලක උසස් පෙළ කෘෂිකර්ම ගුරුවරයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසීය.

    52 හැවිරිදි වියේ පසුවන අදාළ ගුරුවරයාගේ නිවසේ තිබී ඔහුගේ අත් අකුරින්ම ලියන ලද උසස්පෙළ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයද විමර්ශනවල නිරත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන තිබේ.

    වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ සැකකාර ගුරුවරයා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන අයෙකු බවය.

    සැකකරු විසින් මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ 1 කොටස ජනවාරි මස 08 වනදා නිකුත් කර ඇති බවත් එහි දෙවන කොටස ජනවාරි මස 10 වනදා නිකුත් කර ඇති බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 12 වනදා පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරු (13) පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,343 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250122 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.