Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 2025

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වියදම ජපානය ලංකාවෙන් ඉල්ලයි
    Featured

    කොළඹ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ වියදම ජපානය ලංකාවෙන් ඉල්ලයි

    By LFNJanuary 14, 2024No Comments2 Mins Read150 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී තිබේ.

    දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ජනාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා හමුවී මේ බව අවධාරණය කර ඇති බව වාර්තා වෙයි.

    ඩොලර් බිලියන 1.5ක ජපාන සහනදායි ණය ක්‍රමයකින් නිම කිරීමට සැලසුම් කළ කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී අහෝසි කෙරුණේ එය අගනුවර තදබදයට “ලාභදායී විසඳුමක්” නොවන බව සඳහන් කරමිනි.

    එය කිලෝමීටර් 15.7 ක දුරක් දුම්රිය ස්ථාන 16 ක් ඇතුළත්ව සැලසුම් කර තිබුණි.

    මෙම ව්‍යාපෘතියේ පළමු අදියරට අමෙරිකානු ඩොලර් මිලියන 285ක ණය ගිවිසුමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ඒජන්සිය (ජයිකා) හා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා අත්සන් තැබුවේය.

    මෙම ණය සියයට 0.1ක සහන පොලී අනුපාතයකට අවුරුදු 12ක සහන කාලයක් සමඟින් වසර 40කින් ආපසු ගෙවිය යුතු බව ගිවිසුම්වල සඳහන්ය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ මැයි මසදී ජපානයේ සිදුකළ සංචාරයේදීද ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා මහතා හමුවී මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම වෙනුවෙන් සාකච්ඡා පැවැත්වුණි.

    ඒ අනුව මෙම ව්‍යාපෘතිය නැවත සක්‍රීය කිරීම සඳහා යෝජනාවක් ඉකුත් ජුනි 03 වැනිදා ජනපතිවරයා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළේය.

    කෙසේවෙතත් දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය දැනුම් දී තිබේ.

    අනතුරුව ජපාන මුදල් අමාත්‍යවරයා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විපක්ෂ නායක සජිත් ප්‍රෙමදාස මහතාවද හමුවිය.

    කොළඹ සහැල්ලු‍ දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීමේ අලාභය ශ්‍රී ලංකාව පියවිය යුතු බව ජපානයේ ස්ථාවරය වී ඇතැයි එහිදී දැනගන්නට ලැබුණු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,395 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,343 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,564 Views
    Don't Miss

    2026 සම්පූර්ණ අයවැය යෝජනා මෙන්න

    November 7, 20250122 Views

    2026 වසර සඳහා රජයේ අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම සඳහා මුදල් අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක…

    දියවඩන නිලමේ ධූරයට යළිත් වරක් ප්‍රදීප් නිලංග දෑල

    November 7, 2025

    වෙරළ ආරක්ෂ දෙපාර්තමේන්තුවට නව මාධ්‍ය ප්‍රකාශකවරයෙක්

    November 7, 2025

    කුඩු සළිඳුගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක්

    November 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.