යුක්තිය විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.
යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශිකාව පවසන්නේ මත්ද්‍රව්‍ය සමාජයට දැවෙන ප්‍රශ්නයක් වුවද එය මානව හිමිකම් ආරක්ෂා වන පරිදි ක්‍රියාත්මක විය යුතු බවය.
එමෙන්ම මත්ද්‍රව්‍ය චෝදනා මත සැක පිට අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් සාධාරණ නඩු විභාගවලට යටත් කිරීමට පියවර ගත යුතු බවද ඇය පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිදුකරන යුක්තිය මෙහෙයුම යටතේ අනවසර සෝදිසි කිරීම්, අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් හා ඇතැම් සැකකරුවන් හිංසනයට ලක් කිරීම් සිදුවී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව සඳහන් කරන ඇය, ඒ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වෝල්කර් ටර්ක් මහතාගේ ද අවධානය යොමුව ඇති බව පවසයි.
ගතවූ පැය 24ක කාලය තුළ යුක්තිය මෙහෙයුම මගින් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ සැකකරුවන් 897 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
යුක්තිය මෙහෙයුම යටතේ දිවයින පුරා විශේෂ සෝදිසි මෙහෙයුම් දියත් කෙරෙන 27 වැනි දිනය අදය.