නිවසකට ඇතුළු වී කාන්තාවකට අතවර කිරීමට තැත් කළ පුද්ගලයෙකුට එම කාන්තාව විසින් තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.
පහරදීම හේතුවෙන් එම පුද්ගලයා මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
ඊයේ (13) රාත්‍රී කාලයේ එම සිදුවීම වාර්තා වී තිබුණේ, තංගල්ල පොලිස් වසෙම් මොරකැටි ආර නැගෙනහිර ප්‍රදේශයෙනි.
මිය ගොස් ඇත්තේ, මොරකැටිආර නැගෙනහිර – නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර කාන්තාවගේ සැමියා නිවසේ නොමැති අවස්ථාවේ දී මරණකරු නිවසට පැමිණ බීමට වතුර ඉල්ලා ඇත.
කාන්තාව වතුර ලබාදීමට කුස්සියට ගොස් සිටිය දී මරණරු පිටුපසින් පැමිණ කාන්තාව බදාගෙන ලිංගික අතවර කිරීමට උත්සාහ කිරීමේ දී කාන්තාව විසින් තියුණු ආයුධයකින් හා පොල්ලකින් පහර දී තිබේ.
පසු ව මරණකරු බිම ඇද වැටීමෙන් පසු අදාළ කාන්තාව පොලිස් ස්ථානයට පැමිණ පැමිණිලි කර ඇත.
මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.