Close Menu
Lanka Focus News
    What's Hot

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ATM ලක්ෂ 02ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    Featured

    ATM ලක්ෂ 02ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    By LFNJanuary 14, 2024No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ATM කාඩ්පතකින් මුදල් වංචා කළ සැකකරුවෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (13) උදෑසන කාලයේ දී දියතලාව නගරයේ පිහිටි රජයේ බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගැනීමට පැමිණි කාන්තාවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට කාඩ් පත ලබා දී ATM යන්ත්‍රයෙන් මුදල් ලබාදෙන ලෙස පවසා ඇත.

    එම පුද්ගලයා විසින් මුදල් ලබාගැනීමට අපහසු බව පවසා ඒ.ටී.එම් කාඩ් පත ලබා දී පිට ව ගොස් තිබේ.

    පසු ව එම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 02ක මුදල් ලබාගෙන ඇති බවට දුරකථනයට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩය අනුව කාන්තාව විසින් දියතලාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.

    ඒ සම්බන්ධයෙ දියතලාව පොලීසිය විමර්ශන සිදු කර සැකකරු බස් රථයක නැගී පළා ගිව බවට අනාවරණය වීමෙන් පසු අවට පොලිස් ස්ථාන වෙත පණිවිඩ ලබා දී ඇත.

    එම පණිවිඩය අනුව ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන දියතලාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අටවීරාගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

    සැකකරු පැමිණිලිකාර කාන්තාව විසින් ලබාදෙන ලද ATM කාඩ්පත වෙනුවට වෙනත් කාඩ් පතක් ලබා දී එම කාඩ්පත සොරම් කර මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

    දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,464 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,420 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,622 Views
    Don't Miss

    මෙරටින් පළාගිය සංවිධානාත්මක අපරාධකරුවන් ඇතුළු 236කට රතු නිවේදන

    August 29, 202603 Views

    සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු සිද්ධීන් රැසකට සම්බන්ධ, මෙරටින් පළාගොස් සිටින පුද්ගලයින් 236 දෙනෙකු සඳහා…

    සහෝදරයින් අතර මතගැටුම මරණයකින් කෙළවර වෙයි

    August 29, 2026

    22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්

    August 28, 2026

    මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය ඉටු කෙරේ

    August 28, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.