Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ATM ලක්ෂ 02ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට
    Featured

    ATM ලක්ෂ 02ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

    By LFNJanuary 14, 2024No Comments1 Min Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ATM කාඩ්පතකින් මුදල් වංචා කළ සැකකරුවෙකු දියතලාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඊයේ (13) උදෑසන කාලයේ දී දියතලාව නගරයේ පිහිටි රජයේ බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගැනීමට පැමිණි කාන්තාවක් එම ස්ථානයේ සිටි පුද්ගලයෙකුට කාඩ් පත ලබා දී ATM යන්ත්‍රයෙන් මුදල් ලබාදෙන ලෙස පවසා ඇත.

    එම පුද්ගලයා විසින් මුදල් ලබාගැනීමට අපහසු බව පවසා ඒ.ටී.එම් කාඩ් පත ලබා දී පිට ව ගොස් තිබේ.

    පසු ව එම බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 02ක මුදල් ලබාගෙන ඇති බවට දුරකථනයට ලැබුණු එස්.එම්.එස්. පණිවිඩය අනුව කාන්තාව විසින් දියතලාව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර තිබේ.

    ඒ සම්බන්ධයෙ දියතලාව පොලීසිය විමර්ශන සිදු කර සැකකරු බස් රථයක නැගී පළා ගිව බවට අනාවරණය වීමෙන් පසු අවට පොලිස් ස්ථාන වෙත පණිවිඩ ලබා දී ඇත.

    එම පණිවිඩය අනුව ක්‍රියාත්මක වූ හල්දුම්මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන දියතලාව පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරු අටවීරාගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.

    සැකකරු පැමිණිලිකාර කාන්තාව විසින් ලබාදෙන ලද ATM කාඩ්පත වෙනුවට වෙනත් කාඩ් පතක් ලබා දී එම කාඩ්පත සොරම් කර මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

    දියතලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 2025

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඖෂධ ප්‍රමිති පරීක්ෂණ ගැන විශේෂ සාකච්ඡාවක්

    December 25, 20250111 Views

    ‍ඖෂධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණ නිසි ප්‍රමිතියෙන් පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පුළුල් කිරීම පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය…

    ජාතික සුරක්ෂිත දිනය හෙට පැරෑලිය සුනාමි ස්මාරකය අභියසදී

    December 25, 2025

    හික්කඩුව නගර සභා අයවැය මාලිමාව තෙවන වරටත් පරාදයි

    December 25, 2025

    බස් රථයක් පෙරළෙයි – මගීන් 14ක් රෝහලට

    December 25, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.