Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 2026

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සෞඛ්‍ය වර්ජනය අදින් අවසන් වෙයි
    Featured

    සෞඛ්‍ය වර්ජනය අදින් අවසන් වෙයි

    By LFNJanuary 12, 2024No Comments2 Mins Read142 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෛද්‍යවරුන්ට ලබාදීමට නියමිත රුපියල් 35,000ක දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති කිහිපයක් ඒකාබද්ධව ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද පෙරවරුවේ අවසන් කිරිමට තීරණය කර තිබේ.

    එම දීමනාව ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලය ගත් තීරණයත් සමග පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් පසුගිය අඟහරුවාදා දිනයේ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමත් සමග දිවයින පුරා රෝහල්වල කටයුතුවලට බාධා එල්ල වුණි.

    එවැනි පසුබිමක රෝහල් ලේකම්වරුන්, පරිපාලන නිලධාරීන්, සෞඛ්‍ය කාර්යය සහයකයන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩලය ද ඊයේ උදෑසන 6 සිට එක්දින වැඩවර්ජනයක් ආරම්භ කළ අතර එම ක්‍රියාමාර්ගය අද උදෑසන 8.00ට අවසන් කිරීමට තීරණය කර තිබේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළේ මෙම ගැටලුව විසදීම සඳහා ජනාධිපතිවරයා මැදිහත් නොවන්නේ නම් ඉදිරියේදී යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමුවන බවය.

    මේ අතර අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ සමස්ත ලංකා හෙද සංගමයේ නියෝජිතයින් අතර හමුවක් පැවැත්වීමට නියමිතව ඇත.

    එහිදී අමාත්‍යවරයා වෙත පවතින තත්ත්වය සහ සිය යෝජනා ඇතුළත් ලිපියක් භාරදීමට කටයුතු කරන බව එම සංගමයේ ලේකම් එස්.බී මැදිවත්ත මහතා ප්‍රකාශ කළේය.

    විවිධ පැලැස්තර දැමීමේ ප්‍රතිපත්ති හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය තුළ විෂමතා රැසක් නිර්මාණයවී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ද සඳහන් කළේය.

    කෙසේවුවද වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීම සඳහා අසරණ රෝගීන් ප්‍රාණ ඇපයට ගෙන කටයුතු කිරීම පිළිබඳ වෘත්තීය සමිති වෙත මහජන අප්‍රසාදය එල්ලවී තිබේ.

    මේ අතර වර්ජනය හේතුවෙන් බිඳවැටුණු සෞඛ්‍ය සේවාවේ කටයුතු යම් ප්‍රමාණයකට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව මේ වනවිට සේවයේ යොදවා ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    වියට්නාමයෙන් මෙරටට මෙට්‍රික් ටොන් 100ක පොහොර සහනාධාරයක්

    May 8, 2026

    දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

    May 8, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,436 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,594 Views
    Don't Miss

    ප්‍රමිතියෙන් තොර වානේ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබේ

    May 10, 202608 Views

    ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාවකට මුද්‍රා තැබීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර…

    ඇද හැළෙන වැසි තත්ත්වයත් සමග ප්‍රධාන ජලාශ 9ක් වාන් දමයි – ජනතාවටත් දැනුම්දීමක්

    May 10, 2026

    දැදුරුඔය ජලාශයේ වාන් දොරටු හතරක් විවෘත කෙරේ

    May 9, 2026

    යාපනේ රෝහලේ ගින්නක් – ඖෂධ ගබඩාවට දැඩි හානි

    May 9, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.